හෙළරට - දේශිය පුවත්

තවත් නාවික හමුදා සෙබළුන් 59ක් රෝහල් වලින් පිටව යයි .

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සෙබළුන් 59දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කළ පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 13 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික භටයන් සියළු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 44 දෙනෙක් නාවික හමුදා මහ රෝහලෙහිද, 05ක් හෝමාගම රෝහලෙහිද, තිදෙනෙක් (03) මුල්ලේරියාව රෝහලෙහිද, තිදෙනෙක් (03) අයිඩීඑච් රෝහලෙහිද, දෙදෙනෙක් (02) වැලිකන්ද රෝහලෙහිද තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙක් (02) ඉරණවිල රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.
ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 මැයි මස 13 එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා භටයන් 59 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 121ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

Related posts

දහම් පාසල් ගුරුවරුන්ටත් පන්දහස දෙන්නැයි ඉල්ලිමක්..

Helarata

ඇඳිරි නීතිය හා සංචරණ සීමා ලිහිල් කළත් රැස්වීම් පැවැත්වීම තහනම්…

Helarata

පිළිකා රෝගීන් පරීක්ෂාව අන්තර්ජාලයෙන්..

Helarata

Leave a Comment

Translate »