හෙළරට - දේශිය පුවත්

පානදුරේ සරසවි සිසුවාගේ ස්වයංක්‍රිය විෂබීජ නාශක යන්ත්‍රය කේතුමතියට..

පානදුරේ සරසවි සිසුවාගේ ස්වයංක්‍රිය විෂබීජ නාශක යන්ත්‍රය කේතුමතියට

ජනක හෙට්ටිආරච්චි


ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ නිලුපුල් නුවන් සෙනෙවිරත්න මහතා විසින් නිෂ්පාදිත පළමු ස්වයංක්‍රිය විෂබීජ නාශක දියර නිකුත් කරන උපකරණ පරිත්‍යාග කිරීම ( 14) පානදුරදී සිදු විය.පානදුර තොටවත්ත ප්‍රදේශයේ පදිංචි ඒ මහතාගේ මෙම නව නිපැයුමට කාංචන අරුණ කුමාර , වසන්ත කුමාර , ශිරන්ත ඩයස් මහත්වරුන්ගේද සහය ලැබී ඇති අතර එම උපකරණ පහක් පානදුර මූලික රෝහලට සහ කේතුමතී කාන්තා රෝහලට පරිත්‍යාග කෙරිණ.සාමාන්‍ය විෂබීජ නාශක දියර නිකුත් කරන උපකරණ භාවිතයේදී බොහෝ දෙනකු එය ස්පර්ෂ කිරීමෙන් විෂ බීජ පැතිර යාම මෙම යන්ත්‍රය භාවිතයෙන් මග හැරීම මෙහි විශේෂත්වයකි.


දින විසි පහක් තරම් කෙටි කාලයක් තුල කල මෙම නව නිපැයුම වෛද්‍යවරුන්ගේ සහ වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරුන්ගේ නිරන්තර අධීක්ෂණය යටතේ නිර්මාණය වී ඇත.
පාණදුර මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරිනී විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය වෙත එම නව උපකරණ භාර දීමෙන් අනතුරුව අදහස් දැක්වූ නිලුපුල් නුවන් සෙනෙවිරත්න මහතා
“ මෙම අවස්ථාව අපගේ නිෂ්පාදනයේ වැදගත්ම සන්ධිස්ථානයක්.

ඒ ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. සාමාන්‍ය විෂබීජ නාශක දියර නිකුත් කරන උපකරණ භාවිතයේ දී එය භාවිත කරන සියලු දෙනාම ස්පර්ෂ කල යුතු වෙනවා.එවිට ඇගිලි තුඩු වලින් විෂ බිජ ව්‍යාප්ත විය හැකියි.එම අවධානම මෙම යන්ත්‍රය නිසා නැතිව යනවා.මේ සදහා නන් අයුරින් දායක වු සැමට ස්තුතිය පුද කරනවා” යයි පැවසිය.

Related posts

ප්‍රවිණ නිවේදක හා නළු නඩරාජා ශිවම් අභාවප්‍රාප්ත වෙයි… .

Helarata

රවුම් ගහන්න එපා..හමුදාපති.

Helarata

ඇඳිරිනීතියෙන් නිවසේ තනිවු දරුවන්ට හිටපු ඇමැතිගේ සරණ

Helarata

Leave a Comment

Translate »