හෙළරට - විදෙස් පුවත්

මන්මෝහන් සිංට කොරෝනා පරික්ෂණයක් ..

ඉන්දියාවේ හිටපු අගමැති
මන්මෝහන් සිංටද කොරෝනා
පරීක්‍ෂාවක් සිදු කර ඇති බැව් ඉන්දීය
මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත්
ඔහුට වෛරසය ආසාදනය වී ඇති
බවක් එයින් අනාවරණය වී නැත.
මෙම පරීක්‍ෂාව සිදු කර ඇත්තේ
පසුගිය 10 වැනි ඉරුදින ඔහු හදිසි
රෝගී තත්ත්වයක් මත නව දිල්ලියේ
පිහිටි රෝහලකට ඇතුළත් කිරීමෙන්
අනතුරුව ය. මේ වනවිට 87 වැනි
වියෙහි පසුවන මන්මෝහන් සිං
එදින රාත්‍රි කාලයේ රෝහල්ගත කර
තිබුණේ පපුවේ වේදනාවක් සහ දැඩි
අපහසුතාවක් හේතුවෙනි.


කෙසේ වෙතත් දින දෙකක් රෝහලේ
ගත කිරීමෙන් පසු අඟහරුවාදා (12)
ඔහු එයින් නික්ම ගොස් ඇති බව
සඳහන් වේ. ඔහුට දැනුණු අපහසුතාවට
හේතුව ඔහු ගනිමින් සිටි අලුත්
ඖෂධයක් නිසා ඇති වූ ගැටලුවක් බැව්
හෙළි වී තිබේ. මන්මෝහන් සිං 2004
වසරේ සිට 2014 දක්වා ඉන්දියාවේ
අගමැති ධුරය දැරූ අතර මේ වනවිට
එරට පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභා
මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි

Related posts

කොරෝනා වැඩිවිම ට්‍රම්ප්ට ගෞරවයක්ලු…

Helarata

ඉන්දීය හමුදා චීනයේ කේන්තිය ඇවිස්සුවාලු…

Helarata

පාකිස්තානයත් ආසාදිතයින් 40,000 පසුකරයි…

Helarata

Leave a Comment

Translate »