හෙළරට - දේශිය පුවත්

උඩින් ලියුම් යැවිම ඇරඹේ…

විදෙස් තැපැල් සේවාව තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා  පමණක් (15)  සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසීය.

ඒ අනුව හොංකොං, චීනය,  ඕස්ටෙ‍්‍රලියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංප්පූරුව, කටාර් ජර්මනිය සහ ඉන්දියාව සඳහා විදෙස් තැපැල් සේවාව ක‍්‍රියාත්මක වන බව ද ආරියරත්න මහතා කීය.

එකී ගමනාන්තයන්ට ගුවන් මගින් හා මුහුදු මගින් තැපැල් භාණ්ඩ හා ලිපි ගෙන යාම ආරම්භ වූ අතර ඉදිරියේ දී ක‍්‍රමානුකූලව අනෙක් රටවල් සඳහා ද ලිපි හා තැපැල් භාණ්ඩ ගෙනයාම ආරම්භ කරන බව ද තැපැල්පතිවරයා කියා සිටියේය.

කොවිඩ් – 19 වසංගතයේ පැතිරයාමත් සමඟ ගුවන් ගමන් නතර වීම නිසා නතර කර දමනු ලැබූ විදෙස් තැපැල් සේවාව මෙසේ අද සිට ආරම්භ කර තිබේ.

Related posts

හිටපු අමාත්‍ය තාරක බාලසුරිය සම්බන්ධිකරණයෙන් රු.මිලියන 100 ක වෛද්‍ය උපකරණ

Helarata

10වෙනිදා සිට කෝචිචියෙන් යන්න ලියාපදිංචි ඕනැනෑ….

Helarata

4882ක් නිරෝධායනයේ

Helarata

Leave a Comment

Translate »