හෙළරට - දේශිය පුවත්

එංගලන්තයේ කුණු යළි එංගලන්තයටම…

එංගලන්තයේ සිට පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේ හා කටුනායක අපනයන සැකසුම් කලාපයට අයත් පෞද්ගලික ආයතන පරිශ්‍රයක ගබඩා කර තිබූ අපද්‍රව්‍ය තොගය එම රටට ප්‍රතිඅපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ සඳහා අදාළ කටයුතු මේ වන විට ක්‍රියාතමක කරමින් සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය 14 පැවසීය.

අදාළ අපද්‍රව්‍ය ගෙන්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් මගින් අධිකරණය හමුවේ පැමිණිලි ගොනු කිරීමෙන් පසු මේ අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන ලෙස අභියාචනාධිකරණය පසුගියදා නියෝග කරනු ලැබීය. ඒ අනුව මේ සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ආයතන සමඟ කටයුතු කිරීමටත්, දෙරට අතර රාජ තාන්ත්‍රික කටයුතු හා නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

Related posts

රට විවෘතයි බාර් වහයි..

Helarata

සදුදා රටපුරා ඇඳිරි නීතිය…

Helarata

උපාධිධාරි රැකියා ලාභීන්ගේ නම් අද වෙබ් අඩවියේ….

Helarata

Leave a Comment

Translate »