හෙළරට - විදෙස් පුවත්

මයික් ටයිසන් යොවුන් වියට…

කලකට පෙර බොක්සිං ලෝකයේ
දැවැන්ත පෙරළිකාරයෙකු වූ
මයික් ටයිසන් ගැන අමුතුවෙන් හඳුන්වා
දිය යුතු නැත. 2005 වසරේ වෘත්තීය
බොක්සිං ක්‍රීඩාවෙන් සමුගත් ටයිසන් මේ
දිනවල නැවතත් පුවත් මවන්නෙකු බවට
පත්ව සිටියි. ඒ ඔහු වසර ගණනාවකට
පසු නැවත බොක්සිං වළල්ලට පිවිසීමට
සූදානම් වන බවට පවතින කසුකුසුවක්
නිසා ය. මේ වනවිට 53 වැනි වියෙහි
පසුවන ටයිසන් නැවත බොක්සිං ක්‍රීඩාවට
අවතීර්ණ වුවහොත් එය මහත් අවධානයක්
දිනාගන්නා සිදුවීමක් වනු නිසැක ය.
මයික් ටයිසන් ගැන මෙවැනි කතාබහක්
ඇතිව තිබෙන්නේ ඔහු පසුගියදා සමාජ
මාධ්‍ය වෙත නිකුත් කර තිබූ වීඩියෝවක්
නිසායි. මෙහි දැක්වෙන්නේ ඔහු නැවත
පුහුණුවීම්වල යෙදෙමින් සිටින ආකාරයකි.
තවමත් ඔහු ක්‍රීඩාවෙන් ඉතා හොඳ
තත්ත්වයේ සිටින බවක් මෙම වීඩියෝවලින්
පෙනී යන බවට ද මාධ්‍ය තුළ අදහස් පළ
වී තිබිණි. තැන තැන සුදු වූ රැවුලකින් ද
යුතුව පුහුණුවීම් කරන ඔහු එහි අවසානයේ
පවසන්නේ ‘මම ආපහු එනවා’ යනුවෙනි.
‘තවම කිසිවක් අවසන් වී නැතුවා විය
හැකියි. ඕනෑම දෙයක් සිදු වෙන්න පුළුවන්.
මාව නවත්තන්න බැහැ වගේ හැඟීමක්
දැනෙනවා’ යයි පවසන ඔහු තමා නැවතත්
තරුණ වී ඇතැයි දැනෙන බවත්, තමන්ට යළි වෑමට අවශ්‍ය බව කියයි.

Related posts

චීනය කොරෝනා හැදුණු රටවලින් ණය අයකරගැනිම අත්හිටුවයි….

Helarata

හයිටියේ ලාංකික ශ්‍රමිකයන්ට උදව්කළාට කියුබාවට දිනේෂ් තුති පුදයි…

Helarata

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 5,360 වැඩි වේ.

Helarata

Leave a Comment

Translate »