හෙළරට - දේශිය පුවත්

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට මුහුණු ආවරණ මිලියන 200 ක් අපනයනය කරයි ..

බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංඛේත්මකව (14දා) භාර දෙන ලදි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිත , ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම මුහුණු ආවරණ සංඛේතාත්මකව භාර දෙන ලදි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම-මහත්මීහු ද සහභාගී විය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාටත්, බ්‍රැන්ඩික්ස් සමාගමටත් සිය කෘතඥතාව පළ කර සිටින ලදි.

Related posts

පෝලන්තේ හෝටල් අැරීමට සුදානම්..

Helarata

මත්තලින් ඇමෙරිකාවට රෙදි….

Helarata

පී.සී.ආර්. පරික්ෂණ වැඩි කෙරේ..

Helarata

Leave a Comment

Translate »