හෙළරට - දේශිය පුවත්

පොසොන් උත්සවයේ ආගමික වතාවත් සෞඛ්‍ය උපදෙස් අනුව..

“ ආරෝග්‍යා පරමා ලාභා තේමාව” යටතේ, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොසොන් කමිටුව (15) පස්වරුවේ විජේරාමයේ නිල නිවසේදී හමු වූ අවස්ථාවේ මෙම තීරණයට එළැඹියේය.

ලෝකය සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරූ ආරෝග්‍යා පරමා ලාභා තේමාවම රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමටද සුදුසු බවට එහිදී අදහස් පලවිය.

මිහිදු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර වසර 2328ක් සපිරෙන මෙවර පොසොන් පොහොය කෝවිඞ් – 19 වෛරස තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට හානි නොවන ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සැමරීමට ද එහිදී තීරණය විය.

ඒ අනුව මිහින්තලා පුදභූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සහ අටස්මස්ථාන ආශ්‍රිතව වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා, සහ මාධ්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීම ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකෙරේ.

මිහින්තලය විහාරාධිපති වලවාහැංගුණවැවේ ධමමරතන නාහිමි, වහන්තරේ සිද්ධාර්ථ හිමි, අග්‍රහැරේ කස්සප හිමි, එගොඩඋයන ඤාණවිමල හිමි, බුද්ධ ශාසන ආගමික හා බෞද්ධ කටයුතු අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට එක් වූහ.

Related posts

තැපැල් ඡන්ද දින ප්‍රකාශයට පත් කෙරේ..

Helarata

බෝග වර්ග 36 කට සහන පොලියට ණය

Helarata

කොරෝනා රොගින් 210 දක්වා ඉහලට

Helarata

Leave a Comment

Translate »