හෙළරට - දේශිය පුවත්

උසස් පෙළ සිසුන්ට පීඩාවක් නැතිව….

මෙවර උසස් පෙළ විභාගය කිසිම සිසුවකුට පීඩාකාරී නොවන අයුරින් පැවැත්වීමට සැලැසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.


පාස්කු ප්‍රහාරය නිසා පසුගිය වර්ෂරයේත් කොවිඩ් 19 වසංගතය නිසා මෙවරත් උසස් පෙළ සිසුන්ට අධ්‍යාපන කටයුතු සිදුකිරීමේදි බාධා ඇතිවූ බවද ඇමැතිවරයා කීය. ඒ නිසා මෙවර උසස් පෙළ විභාගය එම දරුවන්ට පීඩාවක් නොවන ලෙසට පැවැත්වීමට විභාග කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර තීන්දු තීරණ ගෙන ඇති බව අධ්‍යාපන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

එක්වෙමු ලංකා ආයතනයේ තරුණ පිරිසක් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් එලෙස පැවැසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ඉදිරියේදී විශ්වවිද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසකට ඇතුලත් වීම සදහා Z score ක්‍රමය විධිමත් ක්‍රමවේදයක් යටතේ සැලසුම් කරනවා. කොවිඩ් 19 පීඩාකාරීයි. භයානකයි. ඒත් එය රටට ලැබුනු ආශිර්වාදයක් කරගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ බොහෝ දේවල් ඔන්ලයින් ක්‍රමවේදයක් යටතේ සැලසුම් කරන්න හැකි වුණා.

එහි ආරම්භයක් ලෙස මෙවර සාමාන්‍ය පෙළ සමත් දරුවන්ට උසස් පෙළ සදහා ඇතුලත් වීමට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයැදුම් කිරීමට අවස්ථාව ලබා දුන්නා. මේ වන විට එම ක්‍රමවේදය ඔස්සේ සිසුන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් උසස් පෙළ සදහා පාසල් වෙත ඇතුලත් වීමට අයදුම් කර තිබෙනවා. මේ හා සමාන සිසුන් පිරිසක් 5 ශිෂ්‍යත්වය සදහාත් අයැදුම් කර තිබෙනවා.

Related posts

මිනුවන්ගොඩ ⁣කොවිඩ් පොකුර 1397 යි….

Helarata

Go Wild For Western Fashion With These Pioneering Outfits

Helarata

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෙළරට සුබපැතුම් ….

Helarata

Leave a Comment

Translate »