හෙළරට - දේශිය පුවත්

එළුවන්,ගවයන්,බළලුන්, බල්ලන්ට සතුටුදායක පුවතක්…

දැනට කෙටුම්පත් කර ඇති නව සත්ත්ව සුබසාධන පනත ඉදිරි පාර්ලිමේන්තුව අනුමත කළ පසු සුනඛයෙකු, බළලෙකු, ගවයෙකු හෝ එළුවෙකු වැනි ගෘහාශ්‍රිත සතුන් ඝාතනය කර වරදකරුවකු වුවහොත් තෙවසරක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩ මුදලක් හෝ මේ දඬුවම් දෙකම හෝ අධිකරණයකට නියමකළ හැකි බව සත්ත්ව සුබසාධන සංවිධාන පවසයි.

මෙම පනත් කෙටුම්පත වසර 13ක් තිස්සේ පාර්ලිමේන්තුව අනුමත කර නොමැති බවත් ඊළඟ පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ එය අනුමත කිරීම බවත් සතුන්ට සාධාරණත්වය සදහා වූ සංවිධානයේ අනුශාසක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

එමෙන්ම නව පනත අනුව ගැබිණි සතෙකු මරණයට පත්කර වරදකරු වුවහොත් අවුරුදු හතරක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කළ හැකිය. දැනට ක්‍රියාත්මකව තිබෙන පැරණි පනත අනුව ගෘහාශ්‍රිත සතකු මොන අයුරින් ඝාතනය කළත් දඩය දක්වා ඇත්තේ රුපියල් 100ක් පමණි..

Related posts

මිල්ලන්ගොඩ ජයන්ති රාජා හස්ති රාජයා ජීවිතෙන් සමුගනී…

Helarata

ඉඩම් ඊ ලියාපදිංචියට ජනපති උපදෙස්…

Helarata

ගයාන් හා දීපිකා වීඩියෝවෙන් අතිනතගනී….

Helarata

Leave a Comment

Translate »