හෙළරට - දේශිය පුවත්

කළුගඟ, වේ ගඟ, කුරු ගඟ ඉස්සෙයි…

කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුලු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ගංගා වල ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා පහත් බිම් රැසක් (16)  වනවිට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කලුගඟේ ජල මට්ටම 16 අලූයම 04.30 වන විට අඩි 17 මට්මට ඉක්මගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් 16 උදෑසන 06.30 වනවිට අඟල් තුනකින් පමණ ජල මට්ටම අඩුවී තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කලූගගේ ජල මට්ටම මේ වනවිට පවතින්නේද අවදානම් මට්ටම වූ මීටර් 05 ඉක්මවා නිසා ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තුව සිටින්නැයි මහජනතාවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කුරු ගඟේ ජලමට්ටම ද සීග‍්‍ර ලෙස ඉහළගොස් ඇති අතර කුරුවිට පාතගම, කුරුවිට කදන්ගොඩ හරහා තෙප්පනාව පාර ස්ථාන ගණනාවකින් ජලයෙන් යටවී ඇත. එම මාර්ගවල වාහන ගමනාගමනය ද ඇණහිට ඇත.

Related posts

පෞද්ගලික සහ රාජ්‍ය වෘත්තිකයින් ප්‍රවාහනයට කුලී රථවලට අවසර..

Helarata

දේවාලයට අසීමිතව බැතිමතුන් ගත් කතරගම දේවාලයේ බලධාරින්ට නඩු…

Helarata

වැටි ඇති ආර්ථිකය ගොඩනැගිය හැකියි ජනපති අවධාරණය කරයි..

Helarata

Leave a Comment

Translate »