හෙළරට - දේශිය පුවත්

කළුතර,කොළඹ ගම්පහ,රත්නපුර ජලගැලීම් අවදානමක්..

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටු තත්ත්වය නිසා අපේ රටේ නිරිතදිග ප්‍රදේශයට හා ගාල්ල දිස්ත්‍රික්කයට ලබන බදාදා තෙක් අධික වැසි, තද සුළං හා අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය. මේ අනුව විශේෂයෙන් කළුතර, රත්නපුර, කොළඹ, ගාල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවල ජල ගැලීම් ඇති විය හැකි බවද ඊට මුහුණදීමට සැලසුම් සකස් කිරීම උචිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.


අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ ප්‍රධානි ආර්. එම්. එස්. බණ්ඩාර පවසන්නේ තම අංශය මේ තත්ත්වය පිළිබද විමසිල්ලෙන් සිටින බවයි. වැසි වැඩි වුවහොත් අවශ්‍ය ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරන බවද ඔහු කියා සිටියේය

Related posts

දින 14ක් කතරගම දේවාලයට එන්න බැහැ….

Helarata

ආසාදිතයන්ගේ සංඛ්‍යාව සඟවන්නේ නැහැ..

Helarata

කොරෝනා ආසාදිත 42 ක් මේ වන විට සුවයි.

Helarata

Leave a Comment

Translate »