හෙළරට - දේශිය පුවත්

ජපානයෙන් රැගෙන ආ 235 නිරෝධානයට …

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු (16) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.

ජපානයේ  නරීටා ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන එම ගුවන් යානය 16 අලුයම 3.38 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු විශබීජ හරණයට ලක්කරනු ලැබීය.

මෙම ගුවන් මගීන් පිරිස තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බැලීමක්  ද සිදු කෙරුණි .

මෙම සියලු පරීක්ෂණයන් නිමාවට පත් වූ පසු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මගින් මෙම පිරිස නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරිණ.

Related posts

Microsoft’s Surface App Shows Accessory Battery Levels

Helarata

කුවේට් සිට පැමිණි 5 කට කොරෝනා …

Helarata

වෙසක් පෝය නිමිත්තෙන් රාමාඤ්ඤ මහ නිකායෙන් නිවේදනයක්…

Helarata

Leave a Comment

Translate »