හෙළරට - දේශිය පුවත්

මුතුරාජවෙල මහ පරිමාණ කසිප්පු ජාවාරම වටලයි..( Photo)

පවතින කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය සදහා පැනවූ ඇදිරිනීතිය කාලවකවානුවේදී මීගමුව පොලිස් කොට්ඨාසයේ පමුණුගම පොලිස් වසමේ මුතුරාජවෙල වගුරු බිම් ආශ්‍රිතව නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලන ලදි .


මෙම ජාවාරම සංවිධානාත්මකව සිදුකෙරෙන බවට ලද තොරතුරු මත බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ බස්නාහිර දිසා දූෂණ මර්දන ඒකකය , මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය හා පමුණගම පොලිස් ස්ථානය ඒකාබද්ධව සිදුකල වැටලීම් වලදී නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 52,260,000 (පන් කෝටි විසි දෙලක්ෂ හැට දහසක්) අඩංගු බැරල් 268 ක් සමග සැකකරුවන් 22 ක් අත්අඩංගුවට ගනු ලැබිය.


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එම වැටලීම් සිදුකල නිලධාරීන් දිරිමත් කර අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ පරික්ෂා කෙරිණ.

Related posts

බස්නාහිර, පුත්තලම ඇඳිරි නීතිය මැයි 4 දක්වා

Helarata

කොරෝනා වලින් මියගිය රෝගියෙකුගේ සිරුර ඥාතීන්ට භාර දීලා – වෛද්‍ය සංගමයෙන් චෝදනා

Helarata

ටියුෂන් පන්තියට 100යි…

Helarata

Leave a Comment

Translate »