හෙළරට - දේශිය පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 20 දා සිට යළි වැඩ..

සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින්, යම් යම් සීමා කිරීම්වලට යටත්ව එළැඹෙන 20 දා සිට නැවත ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව වාහන ලියාපදිංචිය, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම වාහන පරීක්ෂා කරන වාර්තා ලබාදීම ඇතුළු සියලු කටයුතු සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වර් 4.00 දක්වා ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතු බවත් ඉන් පරිබාහිරව කිසිම හේතුවක් මත සේවා සැපයීම සිදුනොකරන බවත්, මීට පෙර ක්‍රියාත්මක කළ එක්දින සේවාවන්ද නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොකරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

ඇමෙරිකාවේ කොරෝනා මරණ 6000 වඩා වැඩිවේ

Helarata

විෂබීජහරණයට එතනෝල් ලීටර් ලක්ෂ 8 ක්

Helarata

ලාංකිකයන් වැඩිපුර කිරි බීලා….

Helarata

Leave a Comment

Translate »