හෙළරට - දේශිය පුවත්

ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි…

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ( මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කියා සිටියේ මේ වන විට සමාජය අතර වෛරසය ගමන් කරන බවට වාර්තා වී නොමැති බවයි.

වෛරසය පැතිරීම නාවික හමුදාව සමාජිකයින්ට පමණක් සීමා වී ඇති අතර නවතම තහවුරු වීම සිදුව ඇත්තේ ද නාවික හමුදා නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරියෙකුගේ ඥාතියෙකුටය.

කෙසේ වෙතත්, වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මහජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි. සමාජ දුරස්ථභාවය අනුගමනය කළ යුතු බවත් අත් සේදීම ද කළ යුතු බවත් ඇය පැවසුවාය.

ප්‍රසිද්ධියේ පිටතට යන විට සහ රැකියාවේදී මුහුණු ආවරණ පැළඳීම ද වැදගත් බව වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Related posts

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා දීර්ඝ කෙරේ..

Helarata

කොරෝනාවෙන් වැසුණු ආයතන නගා සිටුවීමට කඩිනමින් වාර්තාවක් ..

Helarata

කොළඹට වතුර කැපේ…

Helarata

Leave a Comment

Translate »