හෙළරට - දේශිය පුවත්

අම්ෆන් දරුණු වෙයි..

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් 17 වැනි දිනය වෙනුවෙන් නිකුත් කළ කාලගුණ වාර්තාව..

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී (16) දින පෙ.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 620 පමණ උතුරු අක්ෂාංශ 10.9ත් නැගෙනහිර දේශාංශ 86.3 ත් ආසන්නව ස්ථානගතව පවතී.

මෙම පද්ධතිය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ.

මෙය 17 වන දින දක්වා උතුරට බරව වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුලදී උතුරට බරව ඊසාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිඅතරඇතැම් ස්ථාන වලට 150mmඉක්මවූ ඉතා තද වැසිද ඇති විය හැක.

සෙසු පළාත් වල විශේෂයෙන් ඌවසහනැගෙනහිර පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Related posts

මුඛ ආවරණ 15000 අගමැති ලේකම්ට දෙයි…

Helarata

තද සුලං සමග වැසි..

Helarata

චීනයේ පාසලක පිහි ඇනුමෙන් සිසුන්ට තුවාල…

Helarata

Leave a Comment

Translate »