හෙළරට - දේශිය පුවත්

නවසීලන්ත අගමැතිනියට හා සහකරුට අවන්හලේ දොර වැසේ…

නිරංජන් හේරත් නවසිලන්තයේ සිට….

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මහත්මිය සහ ඇගේ සහකරු ක්ලාක් ගේෆර්ඩ් මහතාට සෙනසුරාදා උදෑසන වෙලිංටන් නුවර ආපන ශාලාවකට ඇතුල්වීමට ඉඩ නොලැබි ඇත.

මෙසේ එතුමියට ආපන ශාලාවට ඇතුල්වීමට ඉඩ නොලැබී ඇත්තේ කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් දැනට නවසීලන්තයේ බලපවත්වන නව සමාජ දුරස්ථ නීතිරීති යටතේ ඒ වන විටත් ගනුදෙනුකරුවන්ගේ සීමාවට එම ආපනශාලාව පැමිණ තිබු නිසාය.

කෙසේ වෙතත් ටික කාලයක් ආපනශාලාවෙන් පිටත රැඳී සිටි ඔවුන්ට ගණුදෙනුකරුවන් දෙදෙනෙකු පිටව ගිය පසු ඊට ඇතුල්වීමට අවස්ථාව එළඹිණි.

මේ සම්බන්ධව ආපනශාලා කළමණාකරු පවසා ඇත්තේ ඇයටත් අනෙක් ගණුදෙනුකරුවන්ට බලපාන නීතියම බලපාන බවත්, ඒ වගේම ඇය ආපනශාලාවේ සේවකයන් සමග ඉතා සුහදව කටයුතු කල බවත්ය.

කෝවිඩ් -19 වසංගතය ආරම්භයත් සමගම මුළු රටම වසා දැමුණු අතර, යම් ප්‍රමාණයකට එම තත්වය පාලනය කිරීමෙන් පසු, බදාදා මධ්‍යම රාත්‍රියේ සිට දැඩි නීති රීති වලට යටත්ව රට නැවතත් විවෘත කර ඇත.

මෙම නව නීති රීති යටතේ බොහොමයක් ව්‍යාපාර ස්ථාන මෙන්ම ආපනශාලාද දැඩි සමාජ දුරස්ථ නීති රීති අනුගමනය කළ යුතු අතර එන යන සෑම ගනුදෙනුකරුවෙකුගේම තොරතුරු තබා ගත යුතුය.

නවසීලන්තයේ කොවිඩ් -19 ආසාදනය වී ඇත්තේ 1,500 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වන අතර මේ දක්වා 21 දෙනෙකු මියගොස් තිබේ.

Related posts

පන්නිල හා චීන කොටුව අරී…

Helarata

රවුම් ගහන්න එපා..හමුදාපති.

Helarata

මෛත්‍රීගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ලිපියක්..

Helarata

Leave a Comment

Translate »