හෙළරට - දේශිය පුවත්

පැල්මඩුල්ල,නිවිතිගල, කිරිඇල්ල නාය අවදානමක්…

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, නිවිතිගල, ඇලපාත කලවාන සහ කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 තුල මිලිමිටර් සියයට වඩා වැඩි වැසි ඇතිවූ නිසා වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයාම්, පස්කදු කඩා වැටීම් ගල් පෙරලීම්, පොළොවේ ගිලා බැසීම් අවදානමක් ඇති බවට දෙවන අදියරේ අවදානමක් පවතින බව 17 දා පස්වරු 02.00ට නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇගවීය.

මීට අමතරව ඇහැලියගොඩ, කුරුවිට සහ අයගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට ගෙවුණු පැය 24 තුල මිලිමීටර් 75ට වැඩි වැසි පැවති බැවින් තවදුරටත් වැසි ඇතිවුවහොත් නායයාමේ ඉඩකඩ ඇති නිසා විමසිලිමත්ව සිටින ලෙසද එම නිවේදනයේ දැක්වේ. කලුගගේ ජල මට්ටම අද 17 සවස 03.30 පමණ වනවිට රත්නපුර මුවගම ජල මාපකයේ දිස්වුයේ අඩි හයක් (මීටර් 01.85) ලෙසටය.

Related posts

ආසාදිතයන් පොකුරු 30 ක් අකර්මණ්‍ය කර අවසන්..

Helarata

ඇපල් – ගූගල් වෙතින් වෛරස පාලනයට මෘදුකාංගයක්

Helarata

The Art of Photography as Therapy for Your Clients

Helarata

Leave a Comment

Translate »