හෙළරට - දේශිය පුවත්

මුහුදු මහ විහාරය මෙන් වනසා දමා ඇති පුරාවිද්‍යා ස්ථානත් රැකදෙන්න…

මුහුදු මහ විහාරය මෙන් වනසා දමා ඇති පුරාවිද්‍යා ස්ථානත් රැකදෙන්න සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය

ජනක හෙට්ටිආරච්චි

අන්‍යාගමිකයන්ගේ කොල්ලයකට නතු ව තිබු පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා අනුඛණ්ඩයක් යොදවමින් එම පුජා භුමිය රැක ගැනීමට කටයුතු කිරීම අප සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කිරීමට ගත් වැදගත් පියවරක් බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පවසයි.

ඊට නායකත්වය දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සහ අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ උපහාරය හිමි විය යුතු බවත් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී , මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ගෝනදුවේ ගුණානන්ද නාහිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය ද පැවතී රජයන් වෙත ඉල්ලීම් කරන ලද නමුත් ඒ පිලිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ පසුබිම තුල වර්තමාන ජනාධිපතිතුමන් මෙම ගැටලුවට විසදුමක් ලබා දීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ආශීර්වාද පුර්වක ප්‍රශංසාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පල කරන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.එසේම මේ අන්දමින් විවිධ ප්‍රදේශවල අන්‍ය ලබ්ධිකයන් විසින් බෞද්ධ පූජාභුමි අත්පත් කරගැනිම් දක්නට ලැබෙන බවත් එවන් ග්‍රහණයන්ගෙන් එම ස්ථාන රැකදිමට රජයේ අවධානය යොමුවිය යුතුයැයිද එම නිනේදනයේ සදහන්වේ.එසේම දැනට වනසා දමා ඇති උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැනද අවධානය යොමුකළ යුතුව ඇතැයිද සදහන් වේ.

Related posts

ආර්ථිකය නැංවිය හැකි ක්‍රම වහා ඉදිරිපත් කරන්න…

Helarata

ප්‍රතිකාර ලබන අය 613 දක්වා ඉහලට …

Helarata

The Art of Photography as Therapy for Your Clients

Helarata

Leave a Comment

Translate »