හෙළරට - ප්‍රාදේශීය පුවත්

වාද්දුවේ රූපවාහිනි දුරකතන විදුලිසරින් පුපුරා යයි…

ජනක හෙට්ටිආරච්චි

අධික වර්ෂාවත් සමග ඇති අකුණු සැර වැදීමෙන් වාද්දුව ප්‍රදේශයේ නිවාස රැසකට අලාභහානි සිදු ව ඇත. 15 සන්ධ්‍යා කාලයේ මෙම අකුණු සැර වැදීමෙන් වාද්දුව නිවාස කිහිපයක විද්‍යුත් උපකරණ සම්පුර්ණයෙන් පිලිස්සි හානි සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.


විදුලි උදුන් , රුපවාහිනී යන්ත්‍ර , ස්ථාවර දුරකථන , අන්තර්ජාල මෘදුකාංග, ෆැක්ස් යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසකට මෙසේ අලාභහානි සිදුව තිබේ.මාර්ග වල විදුලි කණු වලටද හානි සිදු වී ඇති අතර මාර්ග විදුලි පහන් වලටද හානි වීමෙන් ඒවා ද අඩාල වී තිබෙනු දක්නට විය.නිවෙස් වල පොල් ගස් ද අකුණු සැර වැදීමෙන් විනාශ වී ඇති බවත් ප්‍රදේශයෙහි ග්‍රාම නිලධාරීවරයා පැමිණ අලාභ පිලිබඳ වාර්තාවක් ලබා ගත් බවත් ප්‍රදේශවාසීහු පැවසුහ.

Related posts

ජපන් ජාතික මිකිගෙන් අපේ අයට වියළි ආහාර..

Helarata

මන්නයා මියයෑම ගැන පරිසර අධිකාරයෙන් පරික්ෂණ..

Helarata

කෑගල්ලේ ආපදාවන්ට ලක්වු අයට වන්දි පිරිනැමේ….

Helarata

Leave a Comment

Translate »