හෙළරට - දේශිය පුවත්

ලංකා⁣වේ වගාවට චීනය පොහොර දායි..

චීනයෙන් පොහොර ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. රට පුරා වී සහ අනෙකුත් බෝග වගාකරුවන්සැපයුම් අර්බුදයකට මුහුණ දී සිටින බැවින් කඩිනමින්
පොහොර සපයා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල පවසයි.


දැනට ආනයනය කෙරෙන පොහොර සමග සසඳමින් පසට අවම හානිදායක පොහොර මෙලෙස ආනයනය කිරීමට පොහොර ලේකම් කාර්යාලය සූදානම් වේ.


‘ඉදිරි සති දෙකක කාලය ඇතුළත නෞකා දෙකක් නිශ්කාශනය කරමින් දැනට පවතින පොහොර අර්බුදය විසඳීමට කටයුතු කරමින් සිටිනවා.’ යැයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය. චීනයෙන් පොහොර ආනයනය කිරීමට සැලසුම් කළත් දැනට ඩුබායි සහ පාකිස්ථානයෙන් ඇනවුම් කර ඇති පොහොර තොග නියමිත පරිදි මෙරටට ගෙනඑන වබද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් සැපයුම් ජාලවලට බාධා ඇතිවීම, ඇතැම් පෞද්ගලික ආනයනකරුවන්ට නියමිත වේලාවට මුදල් නොගෙවීම, ශ්‍රම හිඟය සහ කඩිනම් සැපයුම් හේතුවෙන් බෙදාහැරීමේ අපහසුතා යන කරුණු දැනට මතුව ඇති පොහොර හිඟයට හේතු වී තිබේ. මේ අතර වැවිලි කර්මාන්ත අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණද ඉදිරි දෙසතිය ඇතුළත රටේ උද්ගතව ඇති පොහොර ප්‍රශ්නය විසඳීමට කටයුතු කරන බව පවසා තිබිණ.

Related posts

අස්වැද්දුම මගින් නොමිලේ බීජ…

Helarata

වාහනයේ පවුලේ අය ගියත් මුව ආවරණ පළදින්න…

Helarata

කෝට්ටේ උපසම්පදාව කල් යයි …

Helarata

Leave a Comment

Translate »