හෙළරට - දේශිය පුවත්

ආසාදිත සිසුවා නිසා ප්‍රංශයේ පාසල් 7ක් වසයි…

පාසල් සිසුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු ප්‍රංශයේ රූබයික්ස් නගරයේ පාසල් 7 ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අදාළ ආසාදිත දරුවා සමඟ සම්බන්ධතා පැවැත්වූ ළමුන්ගේ පවුල්වල සාමාජිකයින් දැනුවත් කිරීමට ද ක්‍රියාකරන බව බලධාරීහු සඳහන් කළහ.

වසා දැමූ පාසල්වල අධ්‍යාපන කටයුතු දුරස්ථ ක්‍රමයට ක්‍රියාවට නැංවේ.

එරට අගුලුදැමීමේ සීමා ලිහිල් කිරීමත් සමඟ ප්‍රංශයේ පාසල් පසුගිය සතියේ යළි විවෘත කිරීමට කටයුතු කරනු ලැබීය.

එහෙත් ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් ඇතැම් පාසල් තවමත් වසා දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ජීන් මයිකල් බ්ලැන්කර් මහතා පැවසුවේ පසුගිය සතියේ යළි ආරම්භ කළ පාසල් 40,000 කින් පමණ වෛරසය ආසාදනය වූ රෝගීන් 70 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

ඒ අනුව බලපෑමට ලක්වී ඇති සියලු පාසල් වසාදැමීමට පියවර ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

කෙසේ වුවත් ඔහු සඳහන් කරන්නේ දරුවන්ට ඉගැන්වීමෙන් වැළකී සිටීම බරපතළ ප්‍රතිවිපාක ගෙනදීමට හේතු විය හැකි බවයි.

අපගේ දරුවන් සෞඛ්‍යමය ක්‍රියාමාර්ගවලට ලක් නොවිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 179,693 කි.

වයිරසය හේතුවෙන් මේ වන විට මරණ 28,111 ක් එරටින් වාර්තා වී තිබේ.

Related posts

A $1495 Flamingo Dress: The Pink Bird Is Dominating Fashion

Helarata

4 දා ස්පාඤ්ඤයේ මරණ 1033 ලොව පුරා 5,000 කොරෝනා නිසා

Helarata

කොරෝනා පාලනය ගැන මෝදිගෙන් මහින්දට ප්‍රශංසාව….

Helarata

Leave a Comment

Translate »