හෙළරට - විදෙස් පුවත්

ඉතාලියට ඒම යෑම ජුනි 3 සිට…

කොවිඩ් -19 වසංගතය පැතිරීම හේතුවෙන් ඉතාලියේ ‍ සිදුකළ වසා දැමීම් ඉවත් කිරීමට අවදානම් විගණනයක් සිදු කරන බව එරට අගමැති ගුසෙප් කොන්ටේ කියයි.

රෝග වැළැඳීමේ වැඩි වීමක් ඉදිරියේ ඇති වීමට ඉඩ තිබිය හැකි වුණත් එන්නතක් නිපදවනතුරු බලා සිටිය නොහැකි යැයි ඔහු වැඩිදුරටත් කියා ඇත. ඔහු වැඩිදුරටත් පැවැසුවේ රටෙන් පිටතට සහ ඇතුළට ගමන් කිරීමත්, කලාප අතර ගමන් කිරීමටත් ජූනි 3 වැනිදා සිට ඉඩ ලබා දෙන බවයි.

ශරීර සුවතා මධ්‍යස්ථාන, පිහිණුම් තඨාක සහ ක්‍රීඩා මධ්‍යස්ථාන මැයි 25 වැනිදා වන විට විවෘත කරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය. සිනමා ශාලා සහ නාට්‍ය ශාලා ජූනි 15 වැනිදා විවෘත වීමට නියමිතය. යුරෝපා සංගමයේ රටවල්වල සංචාරකයන්ට සති දෙකේ නිරෝධායනයකට ඇතුළත් නොවී ඉතාලියට ඇතුළු විය හැකි බව ද අගමැතිවරයා කීවේය. මාස දෙකකට වැඩි කාලයක් වසා දමා තිබූ රටේ ආර්ථිකය නැවත ආරම්භ කිරීමට මේ පියවර සැලැසුම් කර තිබේ.

Related posts

⁣කොරෝනා නොතකා සිගරැට් බිවු රුමේනියා අගමැතිට දඩ…

Helarata

ළං නොවෙන්න ජර්මනියේ නුඩ්ලස් තොප්පියක්…

Helarata

තිරුපති දෙවියන්ට කොරෝනා යකාගෙන් බාධා..

Helarata

Leave a Comment

Translate »