හෙළරට - විදෙස් පුවත්

ඊශ්‍රායලයේ ඇමැතිධුරයකට ඉතියෝපියානු කාන්තාවක්…

ඊශ්‍රායලයේ ඇමැතිධුරයකට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතියෝපියාවේ උපන් කාන්තාවක් පත්වීමට නියමිතව ඇත. ප්නීනා තමානෝ ෂාටා නම් ඇය ඇමැති ධුරයක් සඳහා තෝරාගෙන ඇත්තේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සභාග ආණ්ඩුවක් ආරම්භ කිරීමට කටයුතු කරන නියෝජ්‍ය අගමැති බෙනී ගැන්ට්ස් ය. 1980 දී රහසිගත මෙහෙයුමකින් ඊශ්‍රායලයට ගෙන ආ ඉතියෝපියානු යුදෙව් ජාතිකයින් අතර තමානෝ ද සිටියාය.

තමන්ට අඩන්තේට්ටම් සිදු වන බව ඉතියෝපියානු සම්භවයක් ඇති ඊශ්‍රායල් ප්‍රජාව පවසති. ඇමැති ධුරවල පැවැති ගැටලු කිහිපයක් නිසා සභාග ආණ්ඩුව සෑදීම කල් ගියේය. ඉරිදා (17දා) වන විට එහි එකඟතාවයක් ඇති වීමට නියමිතව පැවැතිණි. 140,000ක පමණ ඉතියෝපියානු සම්භවයක් ඇති ඊශ්‍රායල් ප්‍රජාව නිතරම විරැකියාවට මුහුණ දෙන දුප්පතුන්ගෙන් සමන්විතය. එහෙත් ඔවුන්ගේ නව පරම්පරාව මිලිටරියේ, උසාවිවල සහ දේශපාලනයේ උසස් තනතුරු දරති.

Related posts

දූෂිත ගනුදෙනුවක් කළැයි බොලිවියානු සෞඛ්‍ය ඇමැති දොට්ට…

Helarata

ජර්මනියේ සීමා බුරුලක්

Helarata

කොවිඩ් 19 මරණ 250,000 න් ඉහලට…

Helarata

Leave a Comment

Translate »