හෙළරට - විදෙස් පුවත්

එංගලන්තයෙන් චිත්‍රපට බැලිම ජුලි 4න් පසු…

කොරෝනා වසංගතය නිසා දරුණුම බලපෑමකට ලක් වූ අංශයක් වන්නේ සිනමා ශාලායි. මේවා නැවත විවෘත කරන්නට ලැබෙන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් එම ක්‍ෂේත්‍රයේ උදවිය තුළ විශාල කුතුහලයක්, උනන්දුවක් පවතී.


බ්‍රිතාන්‍ය රජය පසුගියදා පවසා තිබුණේ
ජුලි මස 4 වැනි දින වනතෙක් එරට සිනමා
ශාලා විවෘත කිරීමට අවසර නොලැබෙනු
ඇති බවයි.


සිනමා ශාලා, නාට්‍ය ශාලා ආදිය සැලකෙන්නේ පහසුවෙන් වෛරසය ව්‍යාප්ත විය හැකි ස්ථාන ලෙසිනි. දැඩි සෞඛ්‍යාරක්‍ෂක විධිවිධාන යටතේ ජුලි 4 වැනිදායින් පසු සිනමා ශාලා විවෘත කිරීමට අවසර ලැබෙනු ඇති බව රජය සඳහන් කර තිබිණි. නමුත් එය වුවද තීරණය වනු ඇත්තේ ඒ වනවිට වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය මත බවද රජය තවදුරටත් සඳහන් කර ඇත.

බොහෝ රටවල මෙන්ම බ්‍රිතාන්‍යයේද
රට විවෘත කෙරෙන්නේ අදියර කිහිපයක්
යටතේයි. සිනමා ශාලා, නාට්‍ය ශාලා වැනි
විනෝදාස්වාදය සපයන ස්ථාන, කොණ්ඩා
සැකසුම් මධ්‍යස්ථාන, රූපලාවණ්‍යාගාර,
ආපන ශාලා සහ හෝටල්, සමාජ ශාලා,
ආගමික ස්ථාන ආදිය විවෘත කිරීමට අවසර
ලැබෙන්නේ අවසන් අදියර යටතේ බව සදහන් වේ.

Related posts

ග්‍රීන්කාඩ් සහනයට ට්‍රම්ප්ගෙන් උදැල්ලක්…

Helarata

විනිසුරුවරිය රෝහලේ සිට නඩු අසයි..

Helarata

මහ රැජිණගේ පරණ ලියුමක් එළියට..

Helarata

Leave a Comment

Translate »