හෙළරට - විදෙස් පුවත්

කොරෝනා මැඬලන්නන්ට උපහාර පුදද්දි ගුවන් යානය කඩාවැටේ…

කැනඩා ගුවන් හමුදාවට අයත් යානයක් නිවසක් ඉදිරිපිට භූමියකට කඩාවැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කළ ජෙනිෆර් කේසි නමැති කපිතාන්වරියෙකි.

යානයේ සිටි තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු තුවාල ලබා සිටින අතර ඔහු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වුණි.

කෙසේ වුවත් ඔහුගේ ජීවිතයට අවදානමක් නැතැයි රාජකීය කැනඩා ගුවන් හමුදාව පසුව පැවසුවේය.

ස්නෝව්බර්ඩ්ස් වර්ගයේ මෙම ගුවන් යානය කොඩිඩ් වසංගතය වෙනුවෙන් සිය කාර්යය ඉටුකරන කැනඩා ජාතිකයින්ට ආචාර දැක්වීමේ ගුවන් චාරිකාවක නිරතවන අතරතුර අනතුරට ලක්වී තිබුණි.

ගුවන්ගත වීමෙන් සුළු මොහොතකට පසු කම්ලූප්ස් ප්‍රදේශයට යානය කඩාවැටී තිබේ.

Related posts

නවසිලන්තයේ ජන්දයට කොරෝනා හරස්වෙයි…

Helarata

ජපානේ හදිසි නීතිය දීර්ඝ කරන්නැයි ඉල්ලයි..

Helarata

කොරෝනා සීමා ඉවත්කරන්නැයි පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි..

Helarata

Leave a Comment

Translate »