හෙළරට - විදෙස් පුවත්

දරුවන් ඉලක්කකරගත් රෝගයක් යුරෝපය පුරා පැතිරෙයි…

යුරෝපයේ රටවල ළමුන් අතර පැතිරී ඇති කවසාකි රෝගය වැනි රෝගයක් එම රටවල් මේවනවිට තවත් භීතියකට පත්ව සිටි. එංගලන්තයේ මේවනවිට දරුවන් සිය දෙනෙකුට පමණ මෙම රෝගය වැළදි ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවෙන් තවමත් එම රෝගය පිළිබඳව වාර්තා නොවූවද එම රෝගය ව්‍යාප්ත වීමේ රටාව පිළිබඳව සමීපව අධ්‍යයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කවාසාකි රෝගය මුඛය, සම සහ වසා ගැටිති වලට බලපාන රෝගයකි. එමගින් ශරීරය පුරා රුධිර නාල ආශ්‍රිත ඉදිමීම සහ රතු වීම ඇති කරයි. මෙම රෝගයේ අදියර තුනක් ඇති අතර කල්පවතින උණ එහි පළමු අදියරෙහි ලක්ෂණයකි. වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ රෝගය බහුලව දක්නට ලැබේ .

මේ රෝගය සදහා නිශ්චිත හේතුව තවම සොයා ගෙන නැත.. නමුත් මෙම රෝගය මුල් අවධියේ හදුනා ගැනීම වැදගත්ය. එහි රෝග ලක්ෂණ කලින් හඳුනාගත් පසු, මෙම රෝගය වැළදි ඇති දරුවන්ට දින කිහිපයක් ඇතුළත සුවය ලබගත හැකි බව යුරෝපයෙ වෛද්‍යවරුන් කියයි.

නමුත් රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කල දින 10 ක් ඇතුලත ප්‍රතිකාර නොකළහොත් එය දරුවෙකුගේ හදවතට බරපතල අවදානම් ඇති කරන්න පුළුවන්. රුධිර වාහිනී ඉදිමීම මෙම රෝගයේ සංකූලතාවයක් වෙන අතර එය හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි වලට සිදු වු විට තත්වය භයානක වෙනවා. එය හෘදයේ සාමාන්‍ය රිද්මයට මෙන්ම හෘද කපාට ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරන්න පුළුවන්.

අවධානයෙන් සිටිය යුතු කවසාකි රෝගය හා සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ අතර දැඩි ලෙස ඇස් රතු වීම, පපුව, උදරය සහ ලිංගේන්ද්‍රිය මත කුෂ්ඨ මතු වීම, මුඛය රත් පැහැ වු වියළි ඉරිතලා ගිය ස්වභාවයෙන් යුක්ත වීම, සෙම් ගෙඩි ඇතිවීම. අත්ල සහ පතුල් ඉදිමීම (දම්-රතු පැහැය)වසා ගැටිති ඉදිමීම ඇතිවන බව එම වෛද්‍යවරු පෙන්වා දෙයි.

මීට වසර කිහිපයකට පෙර කවසාකි රෝගය ප්‍රථම වරට ජපානයෙන් වාර්තා වූ බවත් එතැන් සිට එය දරුණු වෛරස් රෝගවලින් පෙළෙන දරුවන් හට ආසාදනය වන අයුරු නීර්ක්ෂණය වී ඇත.

COVID-19 වෛරසය ආසාදනය වූ දරුවන්ට මෙම කවසාකි වැනි රෝග බලපාන බව වාර්තා වී ඇති නමුත් විද්‍යාඥයින් තවමත් මේ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව වෛද්‍ය නිලධාරීන් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් අවධාරණය කළේ COVID-19 ආසාදනය වන ළමුන්ගෙන් අතිමහත් බහුතරයකට කවසාකි රෝගය මද ආසාදිත තත්වයක් ඇති වී ඉන්පසු පූර්ණ සුවය ලබන බවයි.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගර‍යේ ළමුන් 93දෙනෙකුට වැළඳුණු නව රෝගය හා COVID-19 වෛරසය අතර සබඳතාවක් පැවතිය හැකි බව වාර්තා වේ.

Related posts

නවසීලන්ත විපක්ෂනායකගේ පක්ෂ නායකත්වයෙන් ඉවතට….

Helarata

කොරෝනා මරණ 300,000 න් එහා යයි..

Helarata

රටවල් 10 ක් අසාදිතයින් 100,000 ඉක්මවයි..

Helarata

Leave a Comment

Translate »