හෙළරට - දේශිය පුවත්

පුවත්පත් මණ්ඩලය වැඩ අරඹයි…

කොරෝනා වසංගතය සමඟ දින කිහිපයකට තාවකාලිකව නතර වී තිබූ පුවත්පත් ලියාපදිංචි කිරීම හා පුවත්පත් පැමිණිලි බාර ගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විවෘතව ඇත.

මැයි 11 වැනිදා සිට රට යථා තත්ත්වයට පත් කිරීමට රජය ගත් වැඩපිළිවෙළ සමඟ පුවත්පත් මණ්ඩලයේ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙන බවත් අවම කාර්ය මණ්ඩලයක් යටතේ ප්‍රශස්ත සේවාවක් ලබා දීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා පැවසීය.

ඒ අනුව පුවත්පත් පැමිණිලි බාර ගැනීම සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ කටයුතු නැවත ආරම්භ කර තිබෙන අතර, පැමිණිලි බාර ගත් පසු එම පැමිණිලි විභාග කිරීම තෙක් ඇති මූලික කටයුතු සිදු කෙරෙන බවත් ඒ මහතා කීවේය.

පැමිණිලි ඉදිරිපත් කිරීම ආයතනයට පැමිණ හෝ පවතින තත්ත්වය යටතේ මේ දිනයන් සඳහා විද්යුත් තැපෑලෙන් (slpresscounsil@gmail.com) ද ඉදිරිපත් කළ හැකි බවත් කීවේය. වැඩි විස්තර සඳහා 0112693272 /74 ඇමැතිය හැක.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යටතේ සිදු කෙරෙන ජනමාධ්‍ය පාඨමාලා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පියවරවලට සමගාමීව සිදු කෙරෙන බවත් නිරෝෂණ තඹවිට මහතා ප්‍රකාශ කළේය.

ඊට අමතරව ආයතනයේ මෙහෙයවීම යටතේ සිදු කෙරෙන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළු, මාධ්‍ය විෂය උගන්වන ගුරුවරුන් සඳහා පවත්වන වැඩමුළු සහ අනිකුත් වැඩමුළු රජයේ සහ සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි ඉදිරියේ දී පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් පුවත්පත් කොමසාරිස්වරයා අනාවරණය කළේය.

Related posts

සේවය ­හැර ගිය පොලිස් නිලධාරින් යළි සේව­යට….

Helarata

ඕස්ට්‍රේලියාවෙන් පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල තොගයක්…

Helarata

ආදර්ශ ඡන්ද පොළක්…

Helarata

Leave a Comment

Translate »