හෙළරට - දේශිය පුවත්

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්- අනුනාහිමිවරුන් හදිසියේ රැස්වෙති..

බොරු බුදුවරු,ගොවි හිමිවරුන්ට වැඩ වරදි

ධර්ම ශ්‍රි තිලකවර්ධන.

මේ දිනවල රටේ ශාසනික වශයෙන් ඇතිවි තිබෙන අර්බුද කීපයක් සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හා අනුනාහිමිවරුන් මල්වතු මහ විහාරයට ඉකුත් 17දා රැස්වි හදිසි සාකච්ජාවක් පවත්වා ඇතැයි දැනගන්නට ඇත.


මෙහිදි ශාසනික වශයෙන් මතුවි ඇති ප්‍රශ්න ගණනාවක් මහනාහිමිවරුන්ගේ හා අනුනාහිමිපාණන් වහන්සේලාගේ අවධානයට ලක්ව තිබේ.

පසුගිය දිනවල භික්ෂුන් වහන්සේලා විනය විරෝධි ලෙස හැසුරුණු කාරණා කිපයක්ම මෙහිදි සාකච්ජාවට භාජනය වි තිබේ.

එහිදි භික්ෂුන් වහන්සේලා කුඹුරු කෙටිම,සී සෑම ආදි ක්‍රියා මෙන්ම කුඩා හිමිවරුන් ලවා භක්තිගීත කියවිම සහ බුදු,පසේබුදු ,මහ රහත් කියමින් ඇතැම් භික්ෂුන් සමාජය නොමඟ යවමින් ශාසනය වැනසිමට ගන්නා උත්සහයන් පිළිබඳවද මෙහිදි වි⁣ශේෂ සාකච්ජාවට භාජනයවි තිබේ.


මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල හිමි, නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනාහිමි ,දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනුනාහිමි , වේඬරුවෙි ශ්‍රි උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි, ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමි ඇතුළු නාහිමිවරුන් මෙම සාකච්ජාවට සහභාගිවි තිබේ.


මේ අනුව තව දින කීපයකින් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්, අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි මහනාහිමිවරුන් සාකච්ජාව කර ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරිමට නියමිත බව මල්වතු විහාර ආරංචි මාර්ග පවසයි.

තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහනාහිමි
නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමි
දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනුනාහිමි
වේඬරුවෙි ශ්‍රි උපාලි අස්ගිරි අනුනාහිමි
ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනාහිමි

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා පැය 18 ක ජල කප්පාදුවක්…

Helarata

අද (01) ඉතාලියේ කොරෝනා මරණ 727 මුළු ගණන 13,000 පනී

Helarata

සංචාරක කේෂත්‍ර නැංවිමට කැබිනට් අවධානය…

Helarata

Leave a Comment

Translate »