හෙළරට - දේශිය පුවත්

මිහින්තලේ දන්සල් මුදල් කොරෝනා අරමුදලට දෙන්න…

මිහිදු හිමියන් වැඩම කළ පොසොන් පොහොය සමරමින් දිවයින පුරා මෙවර දන්සැල් නොපැවැත්වෙන හෙයින් ඒ සඳහා වැය කරන මුදල් කෝවිඩ් 19 අරමුදලට ලබා දෙන මෙන් ඉල්ලා සිටින බව මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය වළවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ සදහන් කළහ‍.

පොසොන් ‍පිංකමට සමගාමීව විවිධ ජාතින් ආගම් නියෝජනය කරමින් පැමිණෙන බැතිමතුන් හට පුදබිම් ආශ්‍රිතව දන්සල් පවත්වන නමුත් මෙවර දන්සල් නොපැවැත්වීමට පියවර ‍ගෙන තිබෙන බවත් ඒ නිසා එම මුදල් කෝවිඩ් 19 අරමුලදට බැර කරන මෙන් ඉල්ලා සිටින බව සඳහන් කළ උන්වහන්සේ තවදුරටත් මෙසේද පවසා සිටියහ.

අනුරාධපුර අටමස්ථානයට, මිහින්තලයට පැමිණෙන දන්සල් හිමිකරුවන් පොසොන් පොහෝ දින මිහින්තලයට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතට එම මුදල් ලබා දිමට ක‍ටයුතු කරන ලෙසත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල දන්සල් පවත්වන අ‍යද දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා කෝවිඩ් 19 අරමුදලට මුදල් පරිත්‍යාග කරන මෙන් ඉල්ලිමක් කර සිටින බත් හිමියෝ වැඩිදුරටත් පවසා සිටියහ.

Related posts

කොළඹ අහස යළි දූෂිත වෙයි…

Helarata

කොරෝනා ආසාධිතයින් 2042 ක්…

Helarata

21 Quinoa Salad Recipes to Try This Spring

Helarata

Leave a Comment

Translate »