හෙළරට - දේශිය පුවත්

රටපුරා කළපු සංවර්ධනයට…

යුද සමයේ අතහැර දැමුණු උතුරු පළාතේ කළපු කිහිපයක්ද ඇතුළුව රට වටා ඇති ප්‍රධාන කළපු 18ක් සංවර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර ඇත. එහි ධීවර සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ එච්.ජේ.එම්. නිහාල් පාලිත පවසන්නේ පසුගිය වසර අවසානයේ යෝජනා වූ මෙම ව්‍යාපෘතිය කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග ප්‍රමාද වූ බවයි.


සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇති මෙම ප්‍රධාන කළපු අතරට නන්දිකඩාල්, තොණ්ඩමනාරු සහ නයාරු යන යුද සමයේ බහුලව නම් කියැවුණු කළපු ත්‍රිත්වයද ඇතුළත් වේ. සංවර්ධනය කිරීමට නියමිත මෙම කළපු ආශ්‍රිතව ධීවර කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කිරීමට යෝජිතය.

විශේෂයෙන්ම උතුරු පළාතේ කළපු අතරින් බහුතරයක් පසුගිය වකවානුවේදී අතහැර දමා තිබුණු අතර ඒවායේ මූලික සංවර්ධන ක්‍රියාකාරකම් මේ වනවිටත් ආරම්භ කර ඇති බව අමාත්‍යාංශ වාර්තා සඳහන් කර ඇත.

Related posts

කොරොනා 9 වෙනි මරණය වාර්තා වේ..

Helarata

කළු ජාතිකයන් රැකදෙන්න කමිටුවක් ඉල්ලයි…

Helarata

ඉතාලියේ කොරෝනා මරණ අද (30) 800 ඉක්මවා යයි.

Helarata

Leave a Comment

Translate »