හෙළරට - දේශිය පුවත්

රාජ්‍ය ආයතන ඔස්සේ මම දේශපාලනය කරන්නේ නැහැ…

රාජ්‍ය ආයතන ඔස්සේ දේශපාලනය කිරීමට මා අපේක්ෂා කරන්නේ නැහැ.. කළයුත්තේ ආදායම් ජනනය කිරීම මඟින් ආයතන දියුණු කිරීමයි. ඒ සඳහා කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කර වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින් බැවින් මෙම ආයතන ජනතාවට බරක් නොවිය යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.


ජනාධිපති කාර්යාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඉහත කරුණු ඔවුන්ට අවධාරණය කර ප්‍රකාශ කළේය.

සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර මහජන සුබසාධන සේවා බැවින් ආදායම් උත්පාදනයක් ඒවායින් අපේක්ෂා නොකරන නමුත් සෙසු ආයතන තමන්ගේ නඩත්තුව සහ සේවක අභිවෘද්ධිය සඳහා අවශ්‍ය ආදායම් තමන්ම උත්පාදනය කළයුතුයි . කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා ලෝකයේ සෙසු රටවල සේම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයෙහි බලවත් පරිහානියක් ඇතිව තිබෙනවා. ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමි වෙලා. ආයතන ප්‍රධානීන් රට ගැන සිතා වැඩ කළයුතුයි. එසේ නොකළහොත් ආයතන කඩාවැටීමට පවා පිළිවන් .මේ අර්බුදය ජය ගැනීමට පමණක් නොව අනාගත ආර්ථික සංවර්ධනය සඳහා ද රාජ්‍ය ආයතන සැලසුම්සහගතව ශක්තිමත් කළයුතුයැයිද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැහැදිළි කළේය.
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

සෙනසුරාදා තැපෑලට විවේකයක්…

Helarata

මන්ත්‍රීලාටත් බතික් ඇඳුම්..

Helarata

Now, More Than Ever, You Need To Find A Good Travel Agent

Helarata

Leave a Comment

Translate »