හෙළරට - දේශිය පුවත්

ලංකාවට නැගිසිටින්න ඉන්දියාවේ අත..

කොවිඩ්-19 අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මුහුණ දෙන ආර්ථික අභියෝග සමග කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බව ඉන්දියාව පවසයි. වත්මන් තත්ත්වය හමුවේ නවදිල්ලිය විසින් කොළඹට උපකාර කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයක් බව පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් භග්ලේ විසිනි.

ඉන්දීය මහ කොමසාරිස්වරයා WION පුවත්
සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත. ‘‘මෙය මාගේ ඉතා වැදගත් කාර්යයක් වනු ඇත. ශ්‍රී ලංකාවේ නායකත්වය සමග කටයුතු කරමින්
කොවිඩ්-19 හමුවේ ඇතිකර ගත් ආර්ථික අභියෝග සමග කටයුතු කිරීම සඳහා මාවත සකස් කිරීම මාගේ වගකීමයි. එසේම සමෘද්ධිය, සාමය හා ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට ද අත්‍යවශ්‍ය වේ.’’ යනුවෙන්ද මහා කොමසාරිස්වරයා පවසා සිටියේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගිය සතියේ දී අක්තපත්‍ර භාර දුන් මහා කොමසාරිස්වරයා කොවිඩ්-19 තත්ත්වය නිසා ඇති වන අභියෝගයන්ට මුහුණ දීමට ඉන්දියාවත් රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමින් කැපවී සිටින බවද මෙම සම්මුඛ සාකච්ඡාවේ දී අවධාරණය කර ඇත.

Related posts

5-6 දිනවල බාර්,බුකි කැසිනෝ වසා දමයි…

Helarata

අපේක්ෂයන්ට වන්නිලැත්තෝ පාඩමක් කියා දෙයි…

Helarata

ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි…

Helarata

Leave a Comment

Translate »