හෙළරට විශේෂාංග

ශ්‍රි ලංකා ඉතාලි කොරෝනා මිත්‍රත්ව අක්කිලාගේ සංගමයක්

—–ධර්ම ශ්‍රි ගේ සමයං——
ශ්‍රි ලංකා ඉතාලි කොරෝනා මිත්‍රත්ව අක්කිලාගේ සංගමයක්

  කොරෝනා තව ටික දවසකින් ආපු අතක් බලාගෙන යන්නේය.හැමෝම හිතන්නේ එහෙමයි.ඒත් කොරෝනා  සදාකල් ඔබ මගේය.කෙදිනකවත් නොයන්නේය.එහෙම කියන්නේ ලෝක සෞඛ්‍ය ලොක්කෝය.ඒකත් එකක්ය.නැත්නම් අමතක වන්නේය. ඒ කොරෝනාය.

  කාට අමතක වුණත් කොරෝනා  අමතක නොවන කට්ටියක්ද ඉන්නේය.ඒ එන්ජිඔි සූටික්කන්ටය..ඒ අය දිගටම ගෙනියන්නේය.ඒ කොරෝනා නාමය මැකෙන්නට නොදෙන්නේය

කොරෝනා ආවේ චීනෙන්ය.ඊට කලින් වෙසක් කූඩුවත් ආවේ චීනෙන්ය.චීනය අපිට හැම දෙයක්ම දෙන්නේය.කොරෝනා ද දුන්නේය.ඒ හින්දා කොරෝනා කියනවිටම චීනය මතක් වෙන්නේය. කට්ටිය එකතු වන්නේය.සාකච්ජාව කරන්නේය.සමිතියක් පිහිටුවන්නේය.ඒ චීනය මුල්කරගෙනය.

ශ්‍රි ලංකා චීන සමූහාණ්ඩු කොරෝනා මිත්‍රත්ව සංගමය එළියට එන්නේ්ය.චීනයෙන් ආධාර ගන්නේය.ඇයි රටට සේවය කරන්නදැයි එකෙක් ඇසුවේය.නැහැ බැංකුවට දාගන්නය.

 කොරෝනා නිසා මුලින්ම ලංකාවට ආවේ අක්කිලාය.ඒ ඉතාලියෙන්ය.ඒ අය කෑගැසුවේය.ඒ විරෝධාර සෙබළියන් වගේය.ඒ නිරෝධායනය වෙන්න බැහැ කියාය.ඒ හඬට හැමෝම බයවුණේය.රටට කොරෝනා ආාව් ඒ අක්කිලා නිසාය .ඒ අය කළ උදව්ව අමතක නොකළ යුත්තේය.එය සදාකල් සැමරිය යුත්තේය..ඒ අය කළ මෙහෙවර  අමතක කළ නොහැක්කේය.සංගමයක් පිහිටුවිය යුත්තේය.ඒ ඉතාලි ශ්‍රි  ලංකා  කොරෝනා මිත්‍රත්ව අකකිලාගේ සංගමයයි.ඒකත් අපුරුය.ඒක රටට ආඩම්බරයක්ය.එහෙම අක්කිලා රටට වාසනාවක්ය.

නාවික හමුදාවට බෝ වුණෙ සුදුවැල්ලෙන්ය.සුදුවැල්ලේ කොල්ලෝ අමතක කළ නොහැක්කේය.උන් සදා සැමරිය යුත්තේය.සැමරිය යුත්තේ ඒ අයගේ ආච්චිලාද සිහිකරමින්ය.සුදුවැල්ලෙන්ද සංගමයක් බිහිකළ යුත්තේය.එයට නමක් දිය යුත්තේය.ඒ සුදුවැල්ල එක්සත් කොරෝනා සංගමය හැටියටය.

 ලංකාවට ගෙන්නා ගන්නැයි හොටු පෙරිගෙන ඇඬුවේය.ඒ රට ඉන්න කොටය.හැඬුවේ ෆේස්බුකියෙන්ය.අනුකම්පා කර ගෙනාවේය.ගුවන් යානයෙන් බැස්සේය.එළියට ආවේ සිංහයෝ වගේය.පහසුකම් මදි කිවේය.අපි වි. අයි.පි කීවේය. එහෙම කීවෙත් ලංකාවේ එවුන්මය.

වි .අයි පි කියන්නේ රැජිනගේ නෑදැයෝදැයි එකෙක් ඇසුවේය.නැහැ අමුතු තැනකින් මතුවුණු එවුන්ය.එහෙම කිවේ නොසන්ඩලයෙක්ය.

  ඒ වීඅයිපි ලාගෙන්ද සංගමයක් ඔිනෑය.කොරෝනා කොරවුණු විඅයිපි ජාත්‍යන්තර   සංගමය බිහි වෙන්නේය.

එයාර්පෝට් එකේදි අයියලා ටිකකුත් දැගලුවේය.ඒක දැක්කෙත් ෆේස්බුකියෙන්ය.ඒ අයියලා එඩිතරය .විරෝධාරය.ඔිනෑම යුද්ධයකටත් යවන්න පුළුවන්ය.ඒ අයගෙනුත් සංගමයක් බිහිකරන්නේය.ඒ නිරෝධායන විරෝධි විරෝධාර හවුල නමින්ය.

  ඒ අස්සේ ගසා කෑ අයද ඉන්නේය.ඒ කොරෝනා  ආධාරයෙන්ය.එහෙම අයගෙන්ද සංගමයක් එන්නේය.කොරෝනා ආධාර විමධ්‍යගත කරන්නන්ගේ සංගමයය.

ආණ්ඩුවෙන් පන්දහසක් දුන්නේය.ඒ කොරෝනා නිසා අසරණවු ජනතාවටය.ඒකත් අරන් සමහර බිව්වේය.ඇයි බොන්න තහනම්දැයි එකෙක් ඇසුවේය.තහනම්නම් තැබෑරුම් අරිනවාදැයි තව එකෙක් කීවේය.පන්දහසෙන් බීපු සමහර අය ආණ්ඩුවට පින් දුන්නේය.ඒ බාර් ඇරියාටය.එවුන්ගෙනුත් සංගමයක් ඔිනෑය.එහෙම කියන්නේ රට්ටුය.කොරෝනා පන්දහසේ බේබදු එකමුතුව ඇතිවන්නේ එහෙමය.තව එකක් එන්නේය.ඒ ආණ්ඩුවට පිංදුන් බේබද්දන්ගේ සංගමයය.
හැමෝම පැල සිටුවන්න පටන් ගත්තේය.වැඩි දෙනෙක් හිටෙව්වේ බටු පැලය.තව පිරිසක් නිවිතිය.ඇයි නිවිතියි බටුයි කාලාම මැරෙන්නදැයි නොසන්ඩලයෙක් ඇසුවේය.එවැනි අයගෙන්ද සංගමයක් රටට ඔිනෑය.කොරෝනා එක්සත් බටු වවන්නන්ගේ සංගමය බිහිවන්නේ එහෙමය.එහි වැඩි හරියක් සාමාජිකාවන් ඉන්නේය.ඒ අස්සේ කොරෝනා නිවිති වගාකරුවන්ගේ එකමුතුවද එන්නේය.
ඉංග්‍රීසි කඩවලින් චිකන් බුරියානි ,බර්ගර්, පීසා ,චිකන් ඩ්‍රම්ස්ටික් කෑ අයටත් වැරදුනේය.ඒවා වසා ඇත්තේය.අන්තිමට ගිල්ලේ කොස් ⁣පොළොස්,කොස් ඇටය.ඒ අයගෙන්ද සංගමයක් ඔිනේය.චිකන් ඩ්‍රම්ස්ටික් වෙනුවට කොස්ඇට ගිල්ලන්ගේ හවුල බිහිවන්නේ එහෙමය.
කොරෝනා නිසා කොණ්ඩය කපන්නත් බැරිවුණේය.ඒ බාබර් සාප්පු වහලා හින්දාය.අන්තිමට එක්සත් කොරෝනා කොණ්ඩ වැවිලිකරුවන්ගේ පදනම බිහිවන්නේය.කාන්තාවන්ටද වුණේ ජරමරයක්ය.ඒ රූපලාවන්‍යාගාර වසා ඇති නිසාය.ඔවුන්ගේ කොණ්ඩා වගේම නියපොතුද දික්වුණේය.වෙනදා පෙනුනු සුදු හම වැසි ගියේය . ඒ රෝම කූප වලින්ය.මුහුණේ වල ගොඩැලි ,කාණු පෙනෙන්ට වුවාය.සමහරු දැක්කේ යකින්නියන් වගේය.එහෙමනම් කොරෝනා යකින්නියන්ගේ පෙරමුණක් හදමුදැයි ස්වාමි පුරුෂයෝ අසන්නේය.එහෙම ඔිනේ නැත්තේය.කොහොමත් එහෙමය.කොරෝනා ලප මතුවුවන්ගේ එකමුතුව බිහි වෙන්නේ්ත් එහෙමය.

 කොරෝනා හින්දා පෝයට පන්සල් වැසුවේය.ගෙදර උන්දලා සිල් ගත්තේ ගෙදරමය.සිල් ගත්තා කියා වෙනසක් නැත්තේය.සියල්ල ළගටම දෙන්න වුනේය.ඒ ස්වාමියාටය.ආච්චිලගේ  සීලෙත් ගෙදරය.ගෙදර සිල්ගත් ආචිචිලාගේ සංධානය බිහිවන්නේය.

මේ සියළු සංවිධාන බිහිවන්නේ අපේ රටේය.එහෙත් මේවා ජාත්‍යන්තරයට ගෙන යා යුත්තේය.ඒ නිසා කොරෝනා යුනියිටඩ් ඉන්ටර්නැෂනල් ඔිගනයිෂේශන් බිහිකරන්නේය.එතකොට ගරානා පාර පහසුය.සල්ලි ගලන්නේය.ඒ එන්ජිඔි වලින්ය.කොරෝනා තොරතුරු කේන්ද්‍රය එන්නේ ඉන්පසුවය.ඒකෙන් වෙන්නේ කොරෝනාවෙන් අසාධාරණ වුවන් ගැන පොලිසියට පැමිණිලිකිරිමය.

ඒ අස්සේ කපුවෝද කෑගසන්නේය.ඒ වෙච්ච අසාධාරණයකටය.දේවාල වහලාය .ඇයි දෙවියෝ නිරෝධායනය වෙලාදැයි එකෙක් ඇසුවේය.කොරෝනා කාලයේ දෙවියන්ගේ මූණේ මකුළුදැල් බැන්දේය. විෂ බෙහෙත් ගැසු ගැට පලතුරු පූජා නැත්තේය.ඒ පලතුරු දෙවියෝ වළදනවානම් දෙවියොත් පරලොව යන්නේය.එහෙම කිවිවේ බැතිමතෙක්ය.මනුලොව සංගම් දැක දෙව්ලොවත් සංගම් බිහි කළේය.ඒ තිස්තුන් කෝ්ටියක් දෙවිවරුන් එකමුතු වෙලාය.කොරෝනාවෙන් පුජා අහිමිවු තිස්තුන් කෝටියක් දේව සංගමය එහෙත් පටන් ගත්තේය.
අපේ රටේ සියළු කොරෝනා සංගම් එකතුවන්නේය.එකමුතුකම බලයක්වේ.හැමෝම එහෙම කියන්නේය .ඒ අනුව කොරෝනා ජාතික එකමුතුව බිහිවන්නේය.ඒ සියළු සංගම් එකතුවෙලාය.ජාතික එකමුතුව කොළඹට එන්නේය.ඒ කොටුවේ දුම්රිය පොළටය.ඒ කොරෝනා ජාතික දිනය සමරන්නය.බෙල්පොටොන් , ඩෙනිම් ගසාගත් නෝනලා ඉදිරියෙන්ය.දකින දකින අයට හායි මෙයා කියන්නේය.තොල් රතු වෙලාය.ඇයි අමු මස් කාලාදැයි නොදන්නා එකෙක් ඇසුවේය.සන්ග්ලාස් කොණ්ඩයේ ගසාගෙනය.ඒකත් කොණ්ඩ කට්ටකට හොඳය.බෝඩ් අල්ලා ගන්නේය.මීඩියා ආවාදැයි බලන්න කියන්නේය.මීඩියා කැමරාද එල්ල කරන්නේය.රයිට් ඔි කේ කියන්නේය.

“දියව් දියව් කොරෝනා අපට දියව්”
” කොරෝනා අපිට – අපි කොරෝනාට” ,” කොරෝනා අපිට ඔිනේ” ” ඇයි කොරෝනා ගියේ” , සටන් පාඨ මහ හඬින් කියන්නේය.

ඒ අස්සේ සුදුවැල්ලේ එක්සත් කොරෝනා සමගි සංධානය වෙනම කෑගසන්නේය.”දුන්නේ අපියි කොරෝනා – හමුදාවේ අයියලාට” ඒ හඬ කොළඹම ගිගුම් දුන්නේය.කැමරා කාරයෝ කට් කට් කීවේය .සටන අවසන් කළේය.කොරෝනා ජාතික දිනයේ ජාතික සටන එහෙම අවසන් වුණේය.
නියමෙට වුනාය.නෝනලා එහෙම කිව්වේය .නිවුස්වලට යයි නියමෙට .තව එකෙක් කිවේය.සියල්ලෝම සතුටින් විසිර ගියෝය.ඒ ඊලග අවුරුද්දෙත් ආපහු එන්නය.

Related posts

හිස් චරිත මතුවීම හා පඬිවරුන්ගේ නික්මයෑම (යුගයක අවසානය)….

Helarata

ධූමකේතු භූතාචාර්යතුමාගේ හෙළිදරව්වට ට්‍රම්ප් ඇඳෙන් වැටේ.

Helarata

කුවේටයේ සිටින අම්මාට ⁣රෝහලේ ඇඳක් මත හිඳ ගී ගයන සජන්..

Helarata

Leave a Comment

Translate »