හෙළරට - දේශිය පුවත්

ළමා අපචාර සඟවන්න එපායැයි පෝලන්ත අගරදගුරු වතිකානුවට කියයි…

පූජකයන් විසින් සිදුකරන ළමා
අපයෝජන වසන් කිරීම පිළිබඳව විමර්ශනය කරන ලෙස පෝලන්ත රෝමානු කතෝලික පල්ලියේ අගරදගුරුවරයා වතිකානුවෙන් ඉල්ලීමක් කර ඇත.

අගරදගුරු වොජ්චීක් පොලක් (Wojciech Polak) පසුගිය සෙනසුරාදා (16) මෙම විෂය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිකුත් කරමින් වතිකානුවෙන් මෙම ඉල්ලීම
කර තිබේ.


අදාළ වාර්තා චිත්‍රපටයෙන්
දැක්වෙන්නේ පූජකවරයකුගේ
අපයෝජන උත්සාහයකින්
ගැලවීමට උත්සාහ දන කුඩා දරුවන්
(සහ ෝදරයන්) දෙදෙනකුගේ
කතාවකි. සත්‍ය කතාවක් පදනම්
කරගෙන ඇතැයි පැවැසෙන මෙම
වාර්තා චිත්‍රපටය පිළිබඳව වතිකානුව
විසින් විමර්ශකයකු පත් කරමින්
විමර්ශනයක් ආරම්භ කරනු ඇතැයි
පෝලන්ත අගරදගුරුතුමා අපේක්ෂා
කරති.


‘සඟවන්නා සහ සොයන්නා’
(Hide and Seek) නම් මෙම චිත්‍රපටය
අන්තර්ජාලයේ ‘යූටියුබ්’ වෙබ්
අඩවිය මගින් මිලියන 1.9 කට වඩා
වැඩි වාර ගණනක් ප්‍රේක්ෂකයන්
නරඹා ඇත. මාපරක් සහ ටොමාස්
ටෙක්සියෙල්ස්කි සහ ෝදරයන් විසින්
නිර්මාණය කර ඇති දෙවන වාර්තා
චිත්‍රපටය වන්නේ මෙයයි. දරුවන්
දෙදෙනකු තමන්ව අපයෝජනය
කිරීමේ සිදුවීම අනාවරණය
කිරීමට උත්සාහ කිරීමේදී පල්ලියේ
නියෝජිතයන් විසින් එය සැඟවීමට
උත්සාහ කිරීම මෙම කතාවෙන්
කියැවේ.


ජ්‍යෙෂ්ඨ බිෂොප්වරයෙක් මෙම
සිදුවීම පිළිබඳව වසර ගණනාවක්
තිස්සේ දැනුම්වත්ව සිටියද ඒ
පිළිබඳව කිසිවක් අනාවරණය
නොකරන ලදැයි මෙමගින් චෝදනා
එල්ල වේ.


‘‘මෙම අපරාධ සැඟවීමට අපි
කිසිසේත්ම ඉඩ ලබා නොදෙමු’’
යැයි පෝලන්ත අගරදගුරුතුමන්
වැඩිදුරටත් අවධාරණය කරයිිි…

Related posts

දිනයක් නොදි ජන්දය කල්දාන්න කොමිසමට බැ -අගමැතිගෙන් නිවේදනයක්

Helarata

නුවරඑළියට ඇදිරි නිතීය..

Helarata

කල්පිටියේ ධීවරයන්ට සෝමාලියාව එපා වෙලා….

Helarata

Leave a Comment

Translate »