හෙළරට - දේශිය පුවත්

අද ඉතිරිව ඇත්තේ රණවිරුවන් දිවිපුදා රැකදුන් රටයි….

ත්‍රස්තවාදයෙන් රට බේරාගැනිමට කැපවු සියළුම දෙනාට ගෞරවය හිමිවෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


යුද්ධයේ අවසානයේදි 53වන 58 වන සේනාංක තමයි ඉදිරියෙන් හිටියේ.එදා 58වන සේනාංකයට අණ දුන්නේ වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න.53 වන සේනාංකයට අණදුන්නේ මම.එදා සිටි කණ්ඩායමම යළිත් විජයග්‍රහණයේ 11වන සැමරුම පවත්වන්න හැකිවිම සතුටක්.එදා සිටි ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා,එදා සිටි ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම හමුදාවල සියළුම දෙනාගේ කැපව්ම නොතිබුණානම් යුද ජයග්‍රහණය සිහිනයක් වෙන්න තිබුණා.

මේ යුද්ධයේදි අපේ විරෝධාර රණවිරුවන් විශාල පිරිසක් දිවි දුන්නා.ඔවුන් දිවි දි රැකගත්ත රටයි අද මේ ඉතිරිවි තිබෙන්නේ.එසේම යුද බිමේ සිට අද විශ්‍රාම ගොස් සිටින නිලධාරින් සෙබළුන් රැසක් ඉන්නවා.තවම සේවයේ ඉන්න අයත් ඉන්නවා.මේ සියළුම දෙනා මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා යැයි යුද හමුදාපතිවරයා කීය.

Related posts

නවගමුවේ රෑ ස්කොලෙන් සා.පෙළ ඉහළ ප්‍රතිඵල..

Helarata

COVID – 19 අරමුදලේ ශේෂය රු මිලියන 891

Helarata

මුහුදු වටා ප්‍රදේශවල තද සුලං…

Helarata

Leave a Comment

Translate »