හෙළරට - දේශිය පුවත්

කුවේටයෙන් ලාංකිකයන් 462ක් රැගෙන එයි…

කුවේටයේ රැකියා සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 ක් 19 දින රාත්‍රී කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි විත් තිබේ .

මෙයින් පළමු කණ්ඩායම ලෙස කුවේටයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 287 ක් පමණ රැගෙන කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 1451 දරන විශේෂ ගුවන් යානය 19 දින රාත්‍රී 6.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 මෙම ගුවන් යානයෙන් 300 ක පමණ පිරිසක් ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද , ගුවන් යානය පිටත්වන මොහොත වනවිට විට කුවේට් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේ 287 ක පමණ පිරිසක් බවද වාර්තා වේ .

මෙහි දෙවන කණ්ඩායම ලෙස කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 162 ක් රැගෙන කුවේට් ගුවන් සේවයේ කේ.යූ.- 1453 දරන ගුවන් යානය මධ්‍යම රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීම ඇත.

කුවේටයේ මේ ආකාරයට නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,000 ක් පමණ සිටින බවට වාර්තා වී තිබෙන අතර , ඔවුන්ට රටින් පිටවීම සදහා කුවේට් රජය විසින් ලබා දී තිබූ පොදු ක්ෂමා කාලය උපයෝගී කර ගනිමින් මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ .

ඔවුන්ට මෙසේ  ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දී තිබුණි .

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව විෂබීජහරණය කිරීමට ලක් කර ,

ඔවුන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බලා , නීරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සම්පාදනය කර තිබුණි.

Related posts

මංගලට ජනාධිපති ලේකම්ගෙන් පිළිතුරු …

Helarata

කෝචිචියෙන් යන්න 19,500ක් සුදානම්….

Helarata

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා 5 වන හා 6 වන ආසාදිතයන් හමුවේ.

Helarata

Leave a Comment

Translate »