හෙළරට - දේශිය පුවත්

කොළඹ කොටුවු ඉන්දියානුවන් යන්න ඕනෑ කියයි

කොවිඩ් -19 වෛරසය නිසා සිදුකළ අගුළු දැමීම් හේතුවෙන් මාස දෙකකට වැඩිකාලයක් කොළඹට කොටු වී සිටින ඉන්දීය ජාතිකයන් දෙදහසකට අධික සංඛ්‍යාවක් තමන්ව ඉක්මනින් සිය රට යැවීම සඳහා මැදිහත් වන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

මෙම ඉන්දියානු ජාතිකයන් දෙදහස අතර සංචාරකයන් සහ සංක්‍රමණික සේවකයන් අටසියයක් පමණ සිටි.

මෙම ඉන්දියානුවන්ගෙන් ඇතැමෙක් මූල්‍යමය
දුෂ්කරතාවන්ට මුහුණදී ඇති බවත්,ඇතැමෙකුට කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ආපසු පැමිණීමේ දිනයක් ලබාදීමට එම කාර්යාලය මෙතෙක් අපොහොසත්වී ඇති බවත් පැවසේ. ඉන්දීය රජය මැයි මස මුලදී ගල්ෆ් රටවල්, මාලදිවයින සහ බංග්ලාදේශය යන රටවලින්සිරව සිටි ඉන්දියානුවන් ආපසු සිය රට ගෙන්වා ගැනීමට පටන් ගත් නමුත් මෙතෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඉන්දියානුවන් නැවත ගෙන්වා ගැනීමට
පියවරක් ගෙන නැත.

මෙම තත්ත්වය සලකා බලා මෙරට සිටින ඉන්දියානුවන් ආරක්ෂිතව ඉන්දියාවට යැවීමට මැදිහත්වන්නැයි මෙම පිරිස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

Related posts

ජන්දය දුන් කුරුණෑගල ජනතාවට තූති….

Helarata

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රගතිය අගමැතිගේ නිරික්ෂණයට

Helarata

Go Wild For Western Fashion With These Pioneering Outfits

Helarata

Leave a Comment

Translate »