හෙළරට - දේශිය පුවත්

කොළඹ රැඳි සිටි 1200ක් ගම්බිම්වලට…

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා පනවනු ලැබූ ඇදිරිනීතිය හේතුවෙන් තම ස්ථීර පදිංචි නිවෙස්වලට යා නොහැකිව කොළඹ ප්‍රදේශයේ රැදී සිටි 1200 කට අධික පිරිසක් (05/19) දින සිය නිවෙස් වෙත පිටත් කර යැවිනි.

ඇදිරිනීතිය පවතින කාලය තුල සාමාන්‍ය ජනජීවිතය යථා තත්ත්වයට පත්කරලීමේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාත් ආන්ඩුකාර කාර්යාලයේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිසියේ සෘජු මැදිහත්වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ . මූලික වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ලංගම බස් රථ වලින් දිස්ත්‍රික්ක 24 ක් වෙත පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොලෙන් මෙම පිරිස පිටත් කර යවන ලදී .

Related posts

රුමේනියාවේ ලාංකිකයන් පහකට කොරෝනා …

Helarata

මගීන් 230 ක් රැගත් විශේෂ ගුවන් යානයක් නෙදර්ලන්තයේ සිට මත්තලට…

Helarata

සේවය අවසන් කිරිමේ අයැදුම්පත් බාරගන්න එපා…

Helarata

Leave a Comment

Translate »