හෙළරට - විදෙස් පුවත්

නවසීලන්ත අගමැතිනියගේ ජනප්‍රියත්වය ඉහළට…

නිරංජන් හේරත් නවසිලන්තයේ සිට

පසුගිය සඳුදා නිකුත්වූ මැතිවරණ මත විමසුම් ප්‍රතිපලයකදී නවසීලන්තයේ පාලක කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය 56.5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා විය. මීට පෙර තිබූ ජනප්‍රියත්වය හා සසඳා බලන විට මෙය 14%ක වැඩි වීමකි. මේ අනුව බොහෝ දුරට ඊළඟ මැතිවරණයෙන් පසු සන්ධාන හවුල්කරුවන් නොමැතිව තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට කම්කරු පක්ෂයට හැකි වනු ඇත.

කම්කරු පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මහත්මියද නවසීලන්තයේ වඩාත්ම ජනප්‍රිය අග්‍රාමාත්‍යවරයා බවට පත්ව ඇති අතර ඇයගේ ජනප්‍රියතාවය 59.5% ක් වේ. මෙය 20.8% ඉහල යාමකි. මෙම ජනප්‍රියතාවයට අගමැතිණිය කොවිඩ් -19 වසංගතයට මුහුණ දුන් ආකාරය බෙහෙවින් බලපාන්නට ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සයිමන් බ්‍රිජ්ස් මහතා නාකත්වය දරන “ජාතික” පක්ෂයේ ජනප්‍රියත්වය මෙම මත විමසුමේදී 30.6% දක්වා පහත වැටී තිබිණි.

මෙම මත විමසුම විසින් 43 හැවිරිදි බ්‍රිජ්ස් මහතා වෙනුවට වෙනත් නායකයෙකු පත් කිරීම ගැන සලකා බැලීමට ජාතික පක්ෂයට බලපෑම් කර ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා පවසා ඇත්තේ ඔහු තවදුරටත් නායකත්වයේ රැඳී සිටින බවත් මෙම මත විමසුමේ ප්‍රතිපලය කෝවිඩ් -19 තත්වය යටතේ ලැබූ ප්‍රතිපලයක් බවත් මැතිවරණයකදී මෙය වෙනස් විය හැකි බවත්ය.

නමුත් ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ ජාතික පක්ෂය විසින් යම් රැඩිකල් වෙනසක් සිදු නොකළහොත් ඔවුනට මැතිවරනයකදී වුවද මේ ප්‍රතිපලය වෙනස් කිරීම අසීරු බවයි.

නවසීලන්තයේ මහ මැතිවරණය මෙම වසරේ සැප්තැම්බර් 19 දින පැවැත්වීමට නියමිත අතර විපක්ෂය ඉල්ලා සිටින්නේ කෝවිඩ් -19 අර්බුදය නිසා එය නොවැම්බර් මාසයට කල් තබන ලෙසයි.

Related posts

ආර්මෙිනියාවෙි අගමැතිට කො⁣රෝනා …

Helarata

කොරෝනා ආසාදිත මරණ 90,000 දක්වා ඉහලට

Helarata

සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි…

Helarata

Leave a Comment

Translate »