හෙළරට - දේශිය පුවත්

රාජ්‍ය සේවකයන්ට වෙනම බස් සේවාවක්…

රාජ්‍ය සේවකයන්ට ගමන් පහසුව සැළසීම සදහා විශේෂ කාර්යාල ප‍්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.
 
එම සේවාව මුලින්ම රත්නපුර කැගල්ල හලාවත, හම්බන්තොට, තංගල්ල, මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, අලූත්ගම හා කලූතර යන නගර වල සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැළසුම් සකස් කොට ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.
 
මෙම සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන අය ලියාපදිංචි විය යුතු අතර ඒ සදහා dgmoperation@sltb.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ අයදුම්පතක් එවිය යුතුවේ.
 
අයදුම්පතේ මුලකුරු සමග නම, සේවා ආයතනය, ලිපිනය දුරකථන අංකය, ඊමේල් ලිපිනය, බස් රථයට නගින ස්ථානය, ගමන් කරන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ ද සාමන්‍ය මාර්ගය ඔස්සේ ද යන වග මෙන්ම ගමන් කිරීමට බලාපොරොත්තුවන්නේ සුඛෝපභෝගී බස්රථයක ද සාමාන්‍ය බස්රථයක යන තොරතුරුත් බස් රථයට නැගීමට බලාපොරොත්තු වන ස්ථානයේ ඇති ප‍්‍රසිද්ධ මග සළකුණක් ද සදහන් කොට අත්සන හා දිනය ද සමග එවන මෙන් ඔහු ඉල්ලා සිටියේය.
 
රාජකාරි ස්ථානය වෙත පෙරවරු 8.30 ට පැමිණීමටත්, රාජකාරි නිමාවන වේලාවේ පිටත් වීමටත් සැළසුම් කර ඇතැයි ද ඔහු කීය.
අයදුම්පත් ටයිප් කර එවීමට නොහැකි අය ගමනාගමන මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවට එක්ව අතින් ලියන ලද අයදුම්පතක ඡායාරූපයක් ඒ ඔස්සේ එවීමෙන් ද ලියාපදිංචි විය හැකි යැයි හෙතෙම සදහන් කළේය.

මෙම සේවාව ආරම්භ කරන්නේ කොවිඞ් වසංගතය හේතුවෙන් ප‍්‍රවාහන පහසුකම් අහිමි වී සිටින රාජ්‍ය සේවකයන් වෙනුවෙන් බවත් මේ තත්ත්වය පහව ගිය පසුව ද එකී සේවාව ගෙනයාමට සැළසුම් කරන බවත් රණවක මහතා පැවැසීය.
 
මෙම සේවාවේ සාර්ථකත්වය අනුව අනෙක් පළාත්වලට ද ව්‍යාප්ත කරන බවත් නියාමන වැඩ පිළිවෙලෙන් පසු අඩුපාඩු සකසා ගෙන ඉදිරියට ගෙන යන බවත් ඔහු සදහන් කළේය.

Related posts

What Operational Excellence Really Means for Business Travel

Helarata

ජාතික වෙසක් සතිය මැයි 4 සිට 8 දක්වා..

Helarata

උල්කාපාත බලන්න රෑ 12 ට අද සිට ..

Helarata

Leave a Comment

Translate »