හෙළරට - විදෙස් පුවත්

ළං නොවෙන්න ජර්මනියේ නුඩ්ලස් තොප්පියක්…

පාරිභෝගිකයන් අතර
දුරස්ථභාවය ආරක්ෂා කර
ගැනීම සඳහා හිස්වැසුම් සකස්
කරන ලද නූඩ්ල්ස් ආකාරයේ
විශේෂ උපාංගයක් හඳුන්වාදීමට
ජර්මානු ආපනශාලාවක්
කටයුතු කර තිබේ.

කොවිඩ්
-19 වසංගතය හේතුවෙන් පසු
අගුලු දැමීම ලිහිල් කිරීමෙන්
අනතුරුව, ජර්මන් චාන්සලර්
ඇන්ජෙලා මර්කල්ගේ උපන්
ගම වන මෙක්ලන්බර්ග්හි,
බටහිර නොමරේනියාවේ ‘කැෆේ
රොතේ’ නම් ආපනශාලාවේ
හිමිකාරිනිය පසුගිය සෙනසුරාදා
සිය ආයතනය විවෘත කරමින්
මෙම හඳුන්වාදීම සිදුකර ඇත.


පාරිභෝගිකයන්ට ආපනශාලාව
තුළට නොපැමිණ මාර්ගය ඉදිරිපිට
ආලින්දයේ හිරුරැස් විඳිමින්
මෙම ‘අමුතු’ උපාංගය සහිත
හිස්වැසුම් පැලඳ ආහාරපාන ලබා
ගැනීමේ අවකාශය උදාකර දී ඇත.
කැෆේ රොතේ ආපනශාලාවේ
දැන් ආදර්ශ පාඨය වී ඇත්තේ
‘සමාජ දුරස්ථභාවය තබා ගන්න’’
යන්නයි.

වෙනත් බොහෝ
ආපනශාලා සහ වෙළෙඳසල්වල
මිනිසුන් ඈත් කර තැබීම සඳහා
බිම් සලකුණු කිරීම සහ තිර රෙදි
භාවිත කිරීම වෙනුවට මෙම
ආපනශාලාවේ හිමිකාරිනිය විසින්
මෙලෙස හිසට ඉහළින් දැක්වෙන
වර්ණවත් විශාල නූඩ්ල්ස් කෙඳි
දෙකක් සහිත වීදුරු කොප්ප
පාරිභෝගිකයන්ට බෙදා දෙනු
ලැබේ.

52 හැවිරිදි කැෆේ රොතේහි
හිමිකාරිනිය වන ජැකලින් රොතේ
සී.එන්.එන්. පුවත් සේවය සමග
පවසා ඇත්තේ දුරස්ථ භාවය
පවත්වා ගනිමින් සූර්යාලෝකය
මැද කෝපි, බියර්, කේක් සහ
බියර් රස විඳීමට කැමැත්තක්
දක්වන ගනුදෙනුකරුවන් රැසක්
මෙම අමුතු අත්දැකීම අත්විඳීම
සඳහා සිය ආපනශාලාව වෙත ලබාගෙන ඇත.

Related posts

රුසියානු එන්නත අගොස්තුවේදී…

Helarata

ගුජරාටි ප්‍රාන්තයට පළගැටි ප්‍රහාරයක්….

Helarata

බුදුන් වහන්සේ යනු දැඩි අධිෂ්ඨාන ශක්තියේ ප්‍රතිමූර්තියක් …

Helarata

Leave a Comment

Translate »