හෙළරට - විදෙස් පුවත්

අම්ෆන් ඉන්දියාවට පනී…

ලංකාව කලඹවමින් සිටින අම්ෆන් සුළි කුණාටුව (20 වැනිදා) ඉන්දියාවේ නැගෙනහිර වෙරළට හමනු ඇතැයි ඉන්දියානු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අපේක්ෂා කරයි. මෙම සුළි කුණාටුවේ තර්ජනය බටහිර බෙංගාලයට දරුණුවට බලපෑ හැකි බැවින් ඉන්දීය රජය විසින් මිලියනයකට අධික ජනතාවක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇත. (19 වැනිදා) ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කළේ අම්ෆන් ‘අතිශය දරුණු සුළි කුණාටුවක්’ බවට පත්ව ඇති බවත් එය වේගයෙන් බටහිර බෙංගාලයේ වෙරළ තීරය දෙසට ගමන් කරන බවත්ය.

එමෙන්ම, අම්ෆන් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 195ක් දක්වා වේගයෙන් හමන අතර ඒ සමඟ අධික වර්ෂාපතනයක්ද අපේක්ෂා කරන බව ඔවුහු සඳහන් කළහ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ, අම්ෆන් සුළි සුළං තත්ත්වය පිළිබඳව තමන් සොයා බැලූ බවත් මධ්‍යම රජයෙන් පීඩාවට පත්වන ජනතාවට හැකි සෑම උදව්වක්ම ලබා දෙන බවත්ය.

වෙරළබඩ දිස්ත්‍රික්කවල ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සිදු කිරීම සඳහා ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් පනස් තුනක් යොදවා තිබෙන බවත් අගමැතිවරයා කියයි.

Related posts

ඩෙන්මාර්කය – නෝර්වේ උඩින් යන්න අවසර..

Helarata

කොරෝනාවෙන් ඔස්ට්‍රෙිලියාවේ ලක්ෂ 6කට රැකියා අහිමිවෙලා…

Helarata

ඔස්ට්‍රේලියාව දොර හරින්නේ 2021දි….

Helarata

Leave a Comment

Translate »