හෙළරට - දේශිය පුවත්

ටෙලි නාට්‍යවල සමුහ දර්ශන තහනම් – සෞඛ්‍ය නිර්දේශ කියයි

ටෙලි නාට්‍යවල සමුහ දර්ශන තහනම්

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කර්මාන්තය ආරම්භ කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයට භාර දී තිබේ.


එම සෞඛ්‍ය නිර්දේශ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කර්මාන්තකරුවන් සමග සමාලෝචනය කර අවසන් නිර්දේශ මාලාව සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.


සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම, අත් සේදීම අනිවාර්ය බවත්, රූප රාමු ගැනීම සඳහා සහභාගි වන්නන් සීමා කිරීමත් එම සෞඛ්‍ය නිර්දේශවලට ඇතුළත්ය.


ඇතැම් රූප රාමු කුඩා කණ්ඩායම් සහභාගි කරවාගෙන රූපගත කිරීමටද, ඇඳුම් සහ අනෙක් අවශ්‍ය උපකරණ හුවමාරු කරගැනීම තහනම් බවද එම නිර්දේශවල සඳහන්ය.


සියලුම නිරූපණ ශිල්පීන් තම පෞද්ගලික පරිහරණය සඳහා අවශ්‍ය ඇඳුම් සහ උපකරණ රැගෙන ඒම සෞඛ්‍යාරක්ෂිත බවද එහි ඇතුළත්ය.


රූපගත කිරීම් සඳහා අවශ්‍ය කණ්ඩායම් වෙන් වෙන් වශයෙන් ප්‍රවාහනය කළ යුතුය. පෞද්ගලික වාහන පරිහරණය කිරීම වඩාත් යෝග්‍ය බවද සඳහන් වෙයි. සමූහ දර්ශන ලබා ගැනීම තහනම්ය.


නළු නිළියන් වේශ නිරූපණය කිරීමේදී අවශ්‍ය උපකරණ වෙන් වෙන් වශයෙන් භාවිත කළ යුතුය. ආහාර ලබා දීමේදී බුෆේ ක්‍රමය නොව ආහාර පාර්සල් ලබාදීමද ඉතා වැදගත් බවද සදහන්වේ.

Related posts

පොතුවිල් මුහුදු මහා විහාරයට විශේෂ හමුදා ආරක්ෂාවක් ….

Helarata

කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ඇගයීමක්..

Helarata

අපේ කුකුළෝ ගල්ෆ් යයි….

Helarata

Leave a Comment

Translate »