හෙළරට - දේශිය පුවත්

දරුවන් රැකගත යුතු නිසා පාසල් ඇරඹීම ගැටලුවක්…

දරුවන් රැකගත යුතු නිසා පාසල් ඇරඹීම ගැටලුවක්… අගමැති කොටුගොඩ මහනාහිමි බැහැදැකිමෙන් පසු කියයි

කොවිඞ් වසංගත ව්‍යාප්තිය පාලනය කරමින් තිබුණත් දරුවන් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දරුවන් රැක ගැනීමට මූලිකත්වය දිය යුතු හෙයින් පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම තව දුරටත් ගැටලුවක් වී ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ සුව දුක් විමසීම සඳහා ගල්කිස්සේ සිරි ධර්මපාලරාමයට (20) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

සිළුමිණ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා විසින් රචිත අමා බුදු බණ දෙසා වදහළ බුදු පුත් කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ” ග්‍රන්ථය සහ ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධිදායක සභාවේ ලේකම් හිටපු අමාත්‍ය ආර්. ඒ. ඩී. සිරිසේන මහතා විසින් රචිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලිය ග්‍රන්ථය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රදානය කළේය.

ගල්කිස්සේ සිරි ධර්මපාලරාමයෙන් අග්‍රාමාත්‍යවරයා පිටත්ව යන අවස්ථාවේ එහි පැමිණ සිටි මාධ්‍යවේදින් රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අගමැතිවරයා මෙසේ පැවසීය.

ඇත්ත වශයෙන්ම අපි දැනටමත් හුඟාක් දුරට රට විවෘත කරලා තියෙන්නේ. පාසල්වල දරුවන් රැකගැනීම අපේ වගකීමක්. ඒ නිසා පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීමේ ගැටලුවක් තියෙනවා. නමුත් අනෙක් සියල්ල දැනටමත් විවෘත කරලා වගේ තමයි. හැම කන්තෝරුවක්ම ඇරලා. සීයයට තිහක්, පනහක් විතර සේවයට වාර්තා කරනවා. අපි මේ තත්ත්වය හුඟක් පාලනය කරලා තියෙන්නේ. නාවික හමුදාව ඇතුලේ තියෙන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඒකත් අපි පාලනය කරගෙන තියෙන්නේ.

Related posts

ඩියුටි ෆ්‍රී යළිත්….

Helarata

නෝර්වේ යන්න ගිය නඩරාජා TID භාරයට…

Helarata

පවිත්‍රාගේ අත්සන නැතිව සෞඛ්‍ය රකින්නෝ අසීරුවක…

Helarata

Leave a Comment

Translate »