හෙළරට - දේශිය පුවත්

බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියෝ අපවත් වෙති..

ධර්ම ශ්‍රි තිලකවර්ධන , සරත් වීරවංශ

මෙරට වැඩසිටි විශිෂ්ඨ පඬිරුවනකවු ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක ,බලංගොඩ ශ්‍රි වීරසුන්දරාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බලංගොඩ ප්‍රඥාවංශ මාහිමිපාණන් වහන්සේ අපවත්වුහ.


උන් වහන්සේ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ 24 වෙනි අනුනායක හිමිපාණන් වෙති.


බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියෝ ග්‍රන්ථ රැසක් ලියු ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන්ම පුවත්පත් සඟරා ආදිය වටිනා ධර්ම ශාස්ත්‍රීය ලිපි සැපයු කෘතහස්ත ලේඛකයෙකුද වෙති.


1929 ජුනි 4 වෙනි දින බලංගොඩ ඇල්ලේපොලදි උපත ලද උන් වහන්සේ දෙමව්පියන් වුයේ කේ.මුනිහින්ගෙදර උපාසක මහතා හා කේ.පීල්ලමාන්න උපාසිකාවය. බලංගොඩ කුමාර විදුහලෙන් මුලික අධ්‍යාපනය ලබා ඇත..


1940 ජුලි 2 බලංගොඩ දිසාපාලක කළුපහන සිරි ධම්මෝභාෂ මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට පත් මුන් වහන්සේ වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබුහ. 1956දි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව මුන් වහන්සේ එම වසරේ සරසවියට ඇතුළත්වු එකම පැවිදි ශිෂ්‍යයා බවට පත්විය.


ශාස්ත්‍රවේදි,ශාස්ත්‍රපති උපාධි ලබාගත් ප්‍රඥාවංශ හිමියෝ වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙනේ හා මරදාන ශ්‍රි ලංකා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළහ.පිරිවෙන් පරික්ෂක ධූරයෙහිද කටයුතු කළ උන් වහන්සේ 1984 දි සිය අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම ලැබුහ.


පුනර්ජන්මය හා ජීවලෝකය , භාරතීය කලා ගවේෂණ හා සිංහල කලාවේ සජිවි ලක්ෂණ යන කෘති ආදි ග්‍රන්ථ රැසක් ලියාපළ කළ ප්‍රඥාවංශ නාහිමියෝ ග්‍රන්ථ කීපයක් පරිවර්තනය කළහ.පාලි භාෂාව පිළිබඳව හසළ දැනුමකින් හෙබිව සිටි මුන් වහන්සේ බුදුසරණ පුවත්පතේ පාලි පාඨමාලාව නමින් වසර ගණනාවක් ලිපි පෙළක් පළ කළහ.එසේම නාහිමියන් රටෙ සෑම පුවත්පතකටම ධර්ම ශාස්ත්‍රීය ලිපි සැපයුහ.
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ උප ලේඛකාධිකාරි ,ප්‍රධාන ලේඛකාධිකාරි ආදි නිල දරමින් එම නිකායේ අභිවෘද්ධියට සුවිසල් මෙහෙයක් කළ ප්‍රඥාවංශ නාහිමියෝ 2001වසරේදි රාමඤ්ඤ මහ නිකායේ 24වන අනුනායක පදවියට පත්වුහ.


අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ හා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පාලක සභාවල කටයුතු කළ අනුනාහිමියෝ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ සංස්කරණ මණ්ඩලයේ සාමාජිකත්වය දැරූහ.


බුද්ධශාසන ජනාධිපති කොමිසමේ සාමාජිකත්වයද දැරු අනුනාහිමියෝ තවත් නිලතල රැසක් දැරූහ.


ප්‍රඥාවංශ අනුනාහිමියෝ ඉංග්‍රීසි උගතෙකු ලෙසද ප්‍රකටව සිටිවහ.


අපවත්වි වදාළ රාජකීය පණ්ඩිත බලංගොඩ ප්‍රඥාවංශ අනුනාහිමියෝ කලක් අසනිපව සිට 20දා අපවත්වි වදාළහ.ආදාහන පූජොත්සවයට 22 වෙනි දින බලංගොඩ දි සිදුකෙරේ.

ධර්ම ශ්‍රි තිලකවර්ධන හා සරත් වීරවංශ

Related posts

සමගියේ ජාතික ලැයිස්තුව ….

Helarata

සොබා දහමට හානිකළොත් එහි බලපෑමෙන් මිදිය නොහැකියි – අගමැති

Helarata

පාසල් ඇරීමට පෙර ඩෙංගු නසන්න..

Helarata

Leave a Comment

Translate »