හෙළරට - දේශිය පුවත්

රටට එරෙහි බලවේගවලට ජනපතිගේ කතාව අතුල් පහරක්…

යහපාලනය රට පාවා දුන්නායැයි වනවාසි රාහුල හිමියෝ කියති

රට මෙන්ම ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් රණවිරුවන්ට එරෙහිව විදෙස්වලට ගතුකියා ඔවුන් පාවා දීමට මාන බලන දේශපාලකයන්ට හා එන්ජිඔි සංවිධානවල අයට රණවිරු සංවත්සරයේදි ජනාධිපතිවරයාගේ කතාව හොඳ අතුල් පහරක් වු බව ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.
පසුගිය යහපාලන සමයේදි රණවිරුවන් පාවාදිමට නොයෙක් කුමන්ත්‍රණ කළ බවත් එවකට සිටි ජනාධිපතිවරයා නිසා ඒ සමහර දේවල් වැළකුණු බවත් සදහන් කළ වනවාසි රාහුල හිමියෝ එම සතුරු බලවේග තවමත් දත් විලිස්සාගෙන සිටින්නේ රට පාවාදිමට බවද කියති.
රණවිරුවන් පීඩාවට පත් නොකරනවා සේම රටට අසාධාරණයක් කරන ඔිනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ලංකාව ඉවත්කරගන්නා බව ජනාධිපතිවරයා රණවිරු සංවත්සරයෙදි සිංහලෙන් මෙන්ම විදේශයන්ට ඉංග්‍රීසියෙන් පවා ප්‍රකාශකිරිම අගය කළ යුතු බව සදහන් කළ රාහුල හිමියෝ පසුගිය කාලයේදි විදේශ රටවල රටට එරෙහිව කරන යෝජනාවලට අපේ රටේම ඇමැතිවරු ඊට අනුග්‍රහය දැක්වු බව අමතක කළ යුතු නැතැයිද කියති.
රටට මහ විනාශයක් කළ ලොව දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය ජයග්‍රහණය කළ දිනය සැමරිම පවා යහපාලකයන් අත්හැර දැමු බවත් ඒ සියල්ල කළේ එන් ජිඔි හා විදේශ බලවේග සතුටු කිරිමට බවත් රාහුල හිමියෝ කියති.
කුමන ආකාරයකින් හෝ ඉදිරියේදි රණවිරුවන් පීඩාවට පත් නොවන බවට විශ්වාස බව සදහන් කළ රාහුල හිමියෝ එදා රණවිරුවන් ලේ හලමින් දිවිපුදා රැකගත් රට අප ආරක්ෂා කරගත යුතුව ඇතැයිද කීහ.එසේම අද පවතින්නේ ඒ රණවිරුවන් ලේ හලා දිවිපුදා රැකගත් රට බව අමතක කරනවානම් එය මහ අකෘතඥ වැඩක් බවද උනවහන්සේ කිය.

Related posts

අලුතින් සිතන්න කාලය ඇවිත්

Helarata

කෑගල්ලටත් ආ කහ තිත් පළඟැටියා …

Helarata

පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ හිතාමතාම යටගහලා…

Helarata

Leave a Comment

Translate »