හෙළරට - දේශිය පුවත්

වන්නි මෙහෙයුමට දායකවු බ්‍රිගේඩියර්වරුන්ට උසස්වීම්…

වන්නි මානුෂීය මෙහෙයුමට දායක වූ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු ඇතුළු නිලධාරීන් එකසිය හැත්තෑහත් දෙනකුට උසස්වීම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත.

උසස්වීම් ලද පිරිස අතරට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී කොටි ඩයස් පෝරාව පැවැත්වූ උද්ඝෝෂණයක් අවස්ථාවේදී අභිනයක් පෑම පිළිබඳ මහත් ආන්දෝලනයකට ලක් වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ද අයත් වේ.


බ්‍රිගේඩියර්වරුන් වන ප්‍රියංක ප්‍රනාන්දු, හරේන්ද්‍ර රණසිංහ, ජගත් කොඩිතුවක්කු, චන්න වීරසූරිය, චන්දන මාරසිංහ යන නිලධාරීන් මෙසේ මේජර් ජෙනරාල් ධුරයට උසස් කර තිබේ. මීට අමතරව ස්වේච්ඡා බළ සේනාවේ කර්නල් නිලයේ සිටි සිව්දෙනකු බ්‍රිගේඩියර් තනතුරටත්,මේජර්වරුන් නව දෙනෙකු ලුතිනන් කර්නල් ධුරයටත්, කපිතාන්වරුන් හැටනවදෙනෙකු මේජර් ධුරයටත් උසස් කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිලධාරීන් 177ක් උසස් කිරීමට ලබාදුන් නිර්දේශයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනුමැතිය ලබාදී ඇත.

මේජර් ජෙනරාල් නරේන්ද්‍ර රණසිංහ ඇතුළු උසස්වීම් ලද නිලධාරීන් වන්නි මානූෂිය මෙහෙයුමේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකළ නිලධාරීහු වෙති.

Related posts

Fggdh

Helarata

දරුවන්ගේ ආතතිය නැතිකරන්න පියවර…

Helarata

ජිම් අරින්න පවිත්‍රා සුදානම්….

Helarata

Leave a Comment

Translate »