පින්කෙත

සසුන වනසන හිමිවරු නෙරපීමට රාමඤ්ඤ නිකායෙන් තීරණයක්…

දුර්විනිත, අධර්මවාදි අවිනයවාදි භික්ෂු වේශධාරින් රාමඤ්ඤ මහ නිකායේ කතිකානුකූලව නිකායෙන් නෙරපා හැරිමට තීරණය කර ඇත.


ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායෙ ප්‍රධාන ලේඛකාධිකාරි අත්තංගනේ ශාසනරතන නාහිමියෝ නිව්දනයක් නිකුත් කර ඇත.


ශ්‍රි ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි නිකායේ සියළුම මහ සංඝරත්නයේ අවධානය පිණිස මෙම නිවේදනය නිකුත් කර තිබේ.


දුර්විනිත,අධර්මවාදි ,අවිනයවාදි භික්ෂු වේශධාරින් නිකාය තුළ ලියාපදිංචි වි ඇත්නම් නිකායේ කතිකානුකූලව අවශ්‍ය පියවර ගෙන ඔවුන්ගේ සාමණේර උපසම්පදා ලියාපදිංචිය බෞද්ධ කටයුුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇත්නම් එය අවලංගු කර නිකායෙන් නෙරපිමට කටයුතු කළයුතු බව එම නිවේදනයේ සදහන්වේ.


එසේම ලාභාපේක්ෂාවෙන් දුර්වල මානසික ස්වභාවය නිසා සම්බුද්ධ ශාසනයට හා භික්ෂු ගෞරවයට මොවුන්ගෙන් සිදුවන්නෙ සුළුපටු හානියක් නොවනබවද එම නිවේදනයේ සදහන්වේ.


එම නිවේදනය මෙහිවේ.

Related posts

මියගියා කියලා කුඩා කාලේ මාව වළදාන්නත් සුදානම් කරලා – ප්‍රකට යතිවර අප්‍රකට කතා 3 –

Helarata

මල්වතු මහනාහිමියෝ 76 වෙනි විය සපුරති…

Helarata

අම්මා ගිනි පෙනෙල්ලෙන් කට පිච්චුවාට පස්සේ මම කවදාවත් වැඩිහිටියෙකුට බැන්නේ නැහැ …

Helarata

Leave a Comment

Translate »